30 C
Colombo
බදාදා, අප්‍රේල් 17, 2024

මගේ හතරවෙනි පෙම්වතා තමයි නදුන් ගිම්හාන – දිල්කි උරේෂා

Must read

ගායිකාවක ලෙසින් ලාංකීය කලා ක්ෂේත්‍රය තුළ ජනප්‍රියත්වයට පත් දක්ෂ චරිතයක් තමයි දිල්කි උරේෂා කියන්නේ. ඇත්තෙන්ම නවක පරපුරේ ගායිකාවක ලෙස ඇය මේවෙද්දී ඉහළ ජනතා ආකර්ෂණයක් වගේම ආදරයක් හිමිකරගෙන තිබෙනවා.

ඒ කොහොම වෙතත් තරුණ ගායිකාවක ලෙස නිරන්තරයෙන් සංගීත ප්‍රසංග තුළින් වගේම ටෙලිනාට්‍යවල තේමා ගීත ගායනය තුළින් දැකගන්නට ලැබෙන ඇය ඇගේම ගීත නිර්මාණත් මේවෙද්දී සිය රසිකයන් වෙනුවෙන් ලබාදී තිබෙනවා.

ඉතින් සත්තයි මට ඔබ වාගේ’ ගීතය තුළින් රසිකයන් අතර ජනප්‍රියත්වයට පත්වෙන ඇගේ ඒ මියුරු හඩට මෙරට බොහෝදෙනෙකු වශී වෙලයි ඉන්නේ. කෙසේවෙතත් පහුගිය කාලයේදී ඇය ගැන සමාජ ජාලා මාධ්‍ය තුළ විශාල කතාබහක් ඇතිවෙලා තිබුනා.

ඊට හේතුව වෙන්නේ දිල්කිගේ ආදරණීය පෙම්වතා නදුන් විදෙස් ගතවන අවස්ථාවේ ගුවන් තොටුපලේදී ඇය ඔහුට සංවේදී වෙමින් සමුදෙන ආකාරය වීඩියෝවක් ලෙස සමාජ ජාලා මාධ්‍යය ගිනුම්වල හුවමාරු වීමයි. කොහොම වෙතත් මගෙන් දුර, හඳපානේ, හුස්මක් තරමට වැනි ගීත ගායනා කළ ඇයට අතිවිශාල රසික ආදරයක් හිමිවෙනවා.

ඒ විදිහට ඉහළ ජනතා ආකර්ෂණයක් මෙන්ම ආදරයක් හිමිකරගෙන ඉන්න ඇය පහුගිය දවසක යූටියුබ් සාකච්ඡාවක් සමගින් එක්වෙලා තිබෙනවා අපට දැකගන්නට ලැබුණා.

මේ සාකච්ඡාව අතරතුර ඇය සිය පෙම්වතා ගැනත් ප්‍රේක්ෂකයන්ට කියන්න අමතක කරන්නේ නැහැ. එහිදී ඇය කියන්නේ මෙන්න මේ වගේ කතාවකුයි.

” මගේ හතරවෙනි පෙම්වතා තමයි නදුන් ගිම්හාන. එයා මේ වෙනකොට ඉන්නේ ඉතාලියේ. එයාලගේ පවුලෙ ඔක්කොම ඉන්නේ ලංකාවේ.

ඒත් බිස්නස් ඉතාලියෙ තියෙන නිසා එයා ගියේ. අපි ලබන අවුරුද්දෙ විවාහ ගිවිස ගන්න තමයි බලාපොරොත්තුවෙන් ඉන්නේ. බලමු ඉතින් ඉස්සරහට.”

කෙසේවෙතත් වයස අවුරුදු වයස අවුරුදු 25ක තරුණියක් වන ඇය මේවෙද්දී සතුටින් ඉන්න පෙම්වතියක් කියලයි ඇයනම් පවසන්නේ.

ඒ වගේම ඇය සංගීත ගමන පටන් අරන් තියෙන්නේ රියැලිටි ශෝ එකකින් නම් නොවෙයි. සංගීතයට පිවිසෙන්න රියැලිටි ශෝම අවශ්‍ය නෑ කියලයි ඇය කියන්නේ.

මේවෙද්දී යොවුන් ගායිකාවක ලෙස ක්ෂේත්‍රය තුළ සුවිශේෂ ගමනක් යන ඇයට ඇගේ ඉදිරි සංගීත කටයුතුවලට වගේම විවාහයටත් අපි උණුසුම් සුභපැතුම් එක් කරන්නෙමු.

More articles

Latest article