26 C
Colombo
බදාදා, අප්‍රේල් 24, 2024

සියලු අපනයන භාණ්ඩ අගය එකතු කළ නිෂ්පාදන ලෙස යවන්න – රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම

Must read

මෙරට සියලු අපනයන භාණ්ඩ අගය එකතු කළ නිෂ්පාදන ලෙස විදේශ වෙළෙඳපොළට ඉදිරිපත් කිරීමට අපනයනයකරුවන් දිරිමත් කරන්නැයි ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය ඇමැති දිලුම් අමුණුගම මහතා ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

අමුද්‍රව්‍ය ලෙස පමණක් අපනයනය කිරීමට දිරිමත් නොකරන ලෙස ද එහිදී රාජ්‍ය ඇමැතිවරයා නිලධාරින්‍ට කියා සිටියේය.

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ නිලධාරීන් සහ රාජ්‍ය ඇමැතිවරයා අතර පැවැති සාකච්ඡාවකදී ඔහු මෙම උපදෙස් ලබා දුන්නනේය. එහිදී අමුණුගම මහතා කියා සිටියේ, වර්තමානය වන විට අපනයනය කරන භාණ්ඩ ප්‍රමාණය ඉහළ නැංවීම සිදු කිරීම අපහසු වන නිසා එම භාණ්ඩ සඳහා අගය එකතු කිරීම තුළින් අපනයන භාණ්ඩවලට වැඩි වටිනාකමක් ලබා ගත හැකි බවයි. ජාත්‍යන්තර වෙළෙඳපොළ තුළ ශ්‍රී ලාංකික නිෂ්පාදන සඳහා වටිනා සන්නාමයක් ඇති කළ යුතු බවත්, මේ සඳහා අපනයනකරුවන්ට අවශ්‍ය දැනුම හා තාක්ෂණ සහාය අමාත්‍යාංශය ලබා දිය යුතු බවත් හෙතෙම කීය.

ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් සැපයුම්කරුවන් හා අපනයනකරුවන් එක් වන ඒකක (Export House) ඇති කළ යුතු බවත්, අපනයන වෙළෙඳපොළ වෙත පිවිසීමට ග්‍රාමීය නිෂ්පාදකයාට අවස්ථාව සැලැසිය යුතු බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

More articles

Latest article