24 C
Colombo
ඉරිදා, ඔක්තෝබර් 1, 2023

ධීවරයන්ට සහන දෙන්නැයි දිලිප් වෙදආරච්චි මැතිසබේ උපවාසයක

Must read

රටේ පවතින අර්බුදය හමුවේ ධීවර ජනතාවට සහන සලසන්නැයි ඉල්ලමින් සමඟි ජන බලවේගයේ හම්බන්තොට දිස්ත්‍රික් මන්ත්‍රී දිලිප් වෙදආරච්චි මහතා අය-වැය විවාදය අතරතුර සභාව මැදට පැමිණ අසුන් ගනිමින් උපවාසයක් ඊයේ (21) ආරම්භ කළේය.

අය-වැය දෙවැනි වර කියවීමේ විවාදයේ දී සිය අදහස් දැක්වීමෙන් අනතුරුව මන්ත්‍රීවරයා මෙලෙස සභාව මැදට පැමිණ හිඳගත් අතර පාර්ලිමේන්තුව අවසන් වන තුරු උපවාසයේ නිරත වන බව පැවසීය.

එම අවස්ථාවේ සභාව තුළ යම් උණුසම් තත්ත්වයත් ඇති වූ අතර වෙදආරච්චි මහතාගේ ගැටලුව ජනාධිපතිවරයාගේ සහ ධීවර ඇමැතිවරයාගේ අවධානයට යොමු කරන බව මුලසුනේ සිටි කාරක සභා සභාපති අංගජන් රාමනාදන් මහතා පැවසීය.

ඉන් අනතුරුව සභාව මැදට පැමිණි මන්ත්‍රීවරුන් වන දයාසිරි ජයසේකර, අශෝක් අබේසිංහ යන මහත්වරුන් විසින් වෙදආරච්චි මහතා නැගිට්ටවා ගෙන ඔහුගේ අසුන කරා රැගෙන ගියහ.

More articles

Latest article