28 C
Colombo
බදාදා, මාර්තු 27, 2024

විපක්ෂ නායකවරයා බස් රථ පදවන්නේ ලයිසන් එකක් අරගෙනද? – රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ

Must read

බස් රථයක් පැදවීමට බර වාහන ලයිෂන් එකක් තිබිය යුතු බවත් විපක්ෂ නායකවරයා බස් රථ පදවන්නේ එවැනි ලයිෂන් එක අරගෙන දැයි සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය පාර්ලිමේන්තුවේදී ඊයේ (19) ප්‍රශ්න කළාය.

මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත පිළිබඳ විවාදයේදී අදහස් දක්වමින් රාජ්‍ය ඇමැතිනිය මේ බව සඳහන් කළාය.

රාජ්‍ය ඇමැතිනී ඩයනා ගමගේ මහත්මිය තවදුරටත් මෙසේද පැවසීය.

තමන් දන්නා පරිදි බස් රථ පැදවීමට බර වාහන ලයිෂන් එකක් තිබිය යුතුයි. සෑම දිනකම කයිවාරු ගසමින් විපක්ෂ නායකවරයා කාලය කා දමනවා. ඉන් ජනතාව වෙනුවෙන් කතා කිරීමට සිටින බොහෝදෙනෙකුට කාලය අහිමි වී යනවා. මේ වන විට විපක්ෂ නායකවරයා මයික් ටයිෂන් කෙනෙක් වී සිටිනවා.

බිලියන 10කට වඩා වැඩි ප්‍රමාණයක් වැය කරගෙන තමයි මැතිවරණයක් පවත්වන්න යන්නේ. ජනතාව එවැනි වියදමක් කරමින් මැතිවරණයක් ඉල්ලුවද? දිස්ත්‍රික් ලේකම්වරු 25යි. ප්‍රාදේශීය ලේකම්වරු 331යි. ග්‍රාම නිලධාරීන් 14350යි. සමෘද්ධි නිලධාරීන් 24000යි. මහ නගර සභා 29යි. නගර සභා 36යි. ප්‍රාදේශීය සභා 276යි. පළාත් සභා 09යි. පත්වීම් 8711ක්. 25000 ගානේ වැටුප් හා දීමනාවලට මාසිකව විසිඑක්කෝටි හැත්තෑ එක්ලක්ෂ හැත්තෑපන්දහසක්. වසරකට බිලියන 2.61ක් යනවා.මේ වගේ තුන්ගුණයක් වියදම් කරන්න වෙනවා පාලනය කරන්න. ජනතාව තව තවත් පීඩාවට පත්වෙනවා. මොළේ තිබෙන කිසිම කෙනෙක් මැතිවරණයක් පවත්වන්න කියලා කියන්නේ නැහැ. මැතිවරණයක් පවත්වන්න යම් ක්‍රමවේදයක් තිබෙනවා. ඒ දේ වුණාද?. මින් වෙන්නේ පාඩුවක් මිසක් ලාභයක් ලැබෙන්නේ නැහැ.

More articles

Latest article