32 C
Colombo
සිකුරාදා, අප්‍රේල් 19, 2024

හොරකම නතර කරන එක මාස තුනකින් කරන්න පුළුවන් සරල වැඩක් – දිලිත් ජයවීර

Must read

අරමුණ සංවිධානය දීපව්‍යාප්තව පවත්වනු ලබන “හොඳපිටහරවමු Reset Sri Lanka” වැඩසටහන් මාලාවේ ප්‍රථම ජාතික වැඩසටහන පසුගියදා කෝට්ටේදී පැවත්විය. විවිධ වෘත්තිකයන් සහ ව්‍යවසායකයින්ගේ සහභාගිත්වයෙන් පැවැත්වුණු මෙම හමුවේදී, ගොඩනැගෙන ආර්ථික අර්බුදය හමුවේ ව්‍යාපාර පවත්වාගෙන යෑමේ අභියෝගය ජයගන්නේ කෙසේද යන්න තේමාව විය.

මෙහිදී වංචාව දූශණය පිළිබදව පැන නැගුණු ප්‍රශ්නයකට පුළිතුරු දෙමින් ව්‍යවසායක දිලිත් ජයවීර මහතා ප්‍රකාශ කර සිටියේ, හොරු ඇල්ලීම ඉතා සාම්ප්‍රදායික දේශපාලන මෙවලමක් බවත් හොරකම නතර කිරීම මාස තුනකින් කළ හැකි සරල කාර්යයක් බවත්.

“හොරු ඇල්ලීම සාම්ප්‍රදායික ආඛ්‍යානයක්. සාපේක්ශව ඉතා විශාල වංචාවක් සිදුවී ඇති බව, එයට දේශපාලඥයින් සම්බන්ධව ඇති බව. විවිධ තරාතිරමේ බලයේ හිටපු අය, බලයේ හිටපු නැති අය, බලයේ නොසිට බලය පාවිච්චි කරපු අය, බලයට නොපැමිණ බලය භාවිතා කරපු දූශිත දේශපාලන බලවේග මේකට වගකිව යුතුයි. ඒක ඉතාමත් සාම්ප්‍රදායික ආඛ්‍යානයක්.

ඒක හොඳයි වෙනත් තැනක, ගාලුමුවදොර පිටියේදී, මගේ දේශනයේදී, බහු ජනයා අමතමින් චියර් සඳහා කරන්න. ඒක විසඳුමක් නොවෙයි. මම දන්නා තරමින් කාල් මාක්ස් කෙසේ වෙතත් ලෙනින්වත් ඒන්ගල්වත් ට්‍රොට්ස්කිවත් පොතේ සඳහන් කරල නෑ හොරු ඇල්ලීම ගැන.

අපේ නීති පද්ධතිය තුල හොරු බෙල්ලෙන් අල්ලන්න බෑ, වෙඩි තියන්න බෑ. ඒක පුහු ආඛ්‍යානයක්. ඒක නෙවෙයි අපිට උත්තරයක් ඕනෙනම් කතා කරන්න ඕනෙ – මිනිස්සු හොරු උනේ කොහොමද කියන එක.

හොරකම නැවැත්වීම අවම වශයෙන් මාස තුනකින් කරන්න පුළුවන් සරල වැඩක් බව මට කියන්න පුළුවන්. අපිට ඒ සඳහා සැලැස්මක් තිබෙන බවත් කියන්න පුළුවන්.”

මෙම වැඩසටහන සඳහා පන්සියයකට අධික ව්‍යවසායකයින් හා වෘත්තිකයන් පිරිසක් සහභාගි විය.

More articles

Latest article