33 C
Colombo
බදාදා, අප්‍රේල් 24, 2024

ශ්‍රී ලංකා ඒකීය ඩිජිටල් අනන්‍යතා රාමුවට ඉන්දීය රු. මිලියන 300ක ප්‍රදානයක්

Must read

ශ්‍රී ලංකා ඒකීය ඩිජිටල් අනන්‍යතා රාමුව ක්‍රියාත්මක කිරීම සඳහා ඉන්දීය රජය, ඉන්දීය රුපියල් මිලියන 300ක ප්‍රදානයක් කිරීමට එකඟතාව පළ කර තිබේ.

ඒ සඳහා දෙපාර්ශ්වය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් තැබීමට යෝජනා වී ඇති අතර කෙටුම්පත් අවබෝධතා ගිවිසුම සඳහා නීතිපතිවරයාගේ නිෂ්කාශනය හිමි වී තිබේ.

ඒ අනුව එම අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීමට තාක්ෂණ ඇමැතිවරයා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ යෝජනාවක් කැබිනට් මණ්ඩලය විසින් පෙරේදා (21) අනුමත කළ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවති මාධ්‍ය හමුවේදී සම කැබිනට් ප්‍රකාශක, වැවිලි ඇමැති රමේෂ් පතිරණ මහතා ඊයේ (22) පැවසීය.

More articles

Latest article