27.6 C
Colombo
සඳුදා, අගෝස්තු 8, 2022

ධානිෂ් අලී රක්ෂිත බන්ධනාගාරගත කරයි

Must read

විදෙස්ගතවීමට සූදානමින් ගුවන් යානයක් තුළ සිටියදී අත්අඩංගුවට ගත් ධානිෂ් අලී නම් අරගලකරුව ඊයේ (27) රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

සැකකරුව අද පස්වරුවේ කොටුව මහෙස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එලෙස අගෝස්තු 05 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි.

ධානිෂ් අලී කුරුණෑගල වෑබඩ පදිංචි 31 හැවිරිදි අයෙකි.

මොහු පසුගිය ජූලි 13 වනදා ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට පිරිසක් සමග ඇතුළුවී තර්ජනාත්මක ප්‍රකාශයක් කරමින් විකාශන කටයුතු යම් කාලසීමාවකට අත්හිටුවීමේ සිදුවීමේ ප්‍රධාන සැකකරුවෙකු බව පොලීසිය පවසයි.

එමෙන්ම පසුගිය ජූනි 09 වනදා පොලිස් මූලස්ථානය ඉදිරිපිට පැවති විරෝධතාව අතරතුර පොදු දේපළවලට අනර්ථයක් සිදුකිරීම සම්බන්ධයෙන් ද ඔහු ඇප මත මුදාහැර සිටි අයෙකු බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසීය.

More articles

Latest article