29 C
Colombo
සඳුදා, මැයි 27, 2024

ශ්‍රී ලංකා දකුණු අප්‍රිකානු පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ නව සභාපති ලෙස ඩයනා ගමගේ පත්වෙයි

Must read

ශ්‍රී ලංකා දකුණු අප්‍රිකානු පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ අභිනව සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ඩයනා ගමගේ මහත්මිය තේරි පත්විය.

ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකානු පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ නව වැනි පාර්ලිමේන්තුවට අදාළ නිලධාරී මඩුල්ල තෝරා පත්කර ගැනීමේ විශේෂ රැස්වීම ගරු කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී පැවැත්විණි.

ශ්‍රී ලංකාවේ දකුණු අප්‍රිකානු මහකොමසාරිස් සැන්ඩයිල් එඩ්වින් ෂාක් මහතා මෙහිදී විශේෂ ආරාධිතයා වශයෙන් එක්වූ අතර පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා ද මෙම අවස්ථාවට සහභාගී විය.

මෙහිදී ශ්‍රී ලංකා දකුණු අප්‍රිකානු පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ අභිනව ලේකම්වරයා වශයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා ද උප සභාපතිවරුන් වශයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අරවින්ද් කුමාර්, වීරසුමන වීරසිංහ සහ මර්ජාන් ෆලීල් යන මහත්වරුද තේරි පත්විය.

මීට අමතරව භාණ්ඩාගාරික වශයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉෂාක් රහුමාන් මහතා ද උප ලේකම් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.එම් මුෂාරෆ් මහතාද තේරි පත්විය.

රැස්වීම අමතමින් ගරු කථානායකවරයා පවසා සිටියේ ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර දශක ගණනාවක සිට පැවතෙන ද්වීපාර්ශවීය සබදතා මෙම සංගමය හරහා තවදුරටත් ශක්තිමත් වනු ඇති බවයි. එසේම දකුණු අප්‍රිකානු කලාපය තුළ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම වෙළද සහකරු වන දකුණු අප්‍රිකාව සමග නිදහස් වෙළද ගිවිසුමකට එළඹීමට ඉදිරියේදී අපේක්ෂා කරන බව ද ගරු කථානායකවරයා පැවසීය.

More articles

Latest article