27.3 C
Colombo
බදාදා, මැයි 22, 2024

ජනතා ඡන්දෙන් ආවත් සජබ මන්ත්‍රීන්වරුන් තවම ළමා ගති අත්හැර නෑ – ඩයනා ගමගේ

Must read

සමඟි ජනබලවේගයේ සැබෑ අයිතිකාරිය තමන් හෙයින් පාර්ලිමේන්තුවේ කතා කිරීමට කාලය දෙන්නැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ඩයනා ගමගේ මහත්මිය කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගෙන් පාර්ලිමේන්තුවේ දී ඊයේ (07) ඉල්ලා සිටියාය.

සිය පක්ෂයේ සාමාජිකයන් හැසිරෙන ආකාරයට එහි හිමිකාරිය තමායැයි කීමට ලැජ්ජාවක් ඇතැයි ද ගමගේ මහත්මිය ප්‍රකාශ කළාය.

පරිසර අමාත්‍යාංශය ඇතුළු අමාත්‍යාංශ කීපයක වැය ශීර්ෂ පිළිබඳ අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයේදී නැගී සිටිමින් ඩයනා ගමගේ මහත්මිය එසේ කියා සිටියාය.

ජනතා ඡන්දයෙන් පත්ව ආවත් ඔවුන් සිය ළමා ගති ප්‍රදර්ශනය කරමින් සිටින බව පැවැසූ මන්ත්‍රීවරිය ජනතාව දුන් ඡන්දයට එම පක්ෂයේ සමාජිකයන් වග නොකියන බව මින් මනාව ඔප්පු කර ඇති බව කියා සිටියාය.

පාර්ලිමේන්තුවේ කතා කිරීමට සෑම මන්ත්‍රීවරයකුටම ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් තිබෙන බවත් සමඟි ජනබල වේගයේ සාමාජිකාවක් සහ අයිකාරිය ලෙසත් ඒ අයිතිය තමාට දෙන ලෙසත් කතානායකවරයාගෙන් නැවත වරක් ඉල්ලා සිටින බවත් මන්ත්‍රීවරිය කීවාය. සංශෝධන අවස්ථාවේදී එම අවස්ථාව දෙන බව කතානායක මහින්ද අබේවර්ධන මහතා එහිදී පැවසීය.

More articles

Latest article