30 C
Colombo
බදාදා, අප්‍රේල් 17, 2024

දෙවැනි එළිසබෙත් මහ රැජිනගේ දේහය එඩින්බරෝ නුවරට

Must read

රජ පවුලේ සාමාජිකයන් වෙනුවෙන්ම ඕක් දැවයෙන් තැනූ විශේෂිත පෙට්ටියක තැන්පත් කළ එලිසබෙත් රැජනගේ දේහය ස්කොට්ලන්තයේ කඳුකර පළාතේ පිහිටි බැල්මෝරල් මාලිගාවේ සිට එඩින්බරෝ අගනුවර වෙත රැගෙන යෑම ඊයේ සිදු කෙරිණි. බැල්මෝරල් මාලිගාවේ සිට කිලෝමීටර් 175ක දුරකින් පිහිටි එඩින්බරෝ නගරය වෙත දේහය රැගෙන යෑමට පැය 6කට ආසන්න කාලයක් ගතවන්නේ මහජන උපහාර පිණිස මාර්ගය දෙපස පෙළ ගැසී සිටින දහස් සංඛ්‍යාත ජනතාවට සිය උපහාරය පුද කිරීමට අවස්ථාව සලසා දීම හේතුවෙනි. රථ 45කින් සන්නද්ධව එඩින්බරෝ නගරය වෙත දේහය රැගෙන යෑම එලිසබෙත් රැජනගේ දියණිය ඈන් කුමරියගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

එඩින්බරෝ නුවර සාන්ත ගිල්ස් දෙව්මැඳුර වෙත දේහය රැගෙන යෑමෙන් පසු පැය 24ක කාලයක් මහජන ගෞරවය සඳහා එහි තැන්පත් කර තබනු ඇත.

More articles

Latest article