31 C
Colombo
බ්‍රහස්පතින්දා, අප්‍රේල් 25, 2024

නැගෙනහිර දස්කම් දක්වන ක්‍රිඩකයින් වෙනුවෙන් ක්‍රීඩා අරමුදලක්

Must read

ක්‍රීඩා අමාත්‍යාංශය විසින් පත් කළ නැගෙනහිර පළාත් ක්‍රීඩා සභාව පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද(20) පෙරවරුවේ ත්‍රිකුණාමලයේ පිහිටි ආණ්ඩුකාර කාර්යාලයේදී පළමු වරට රැස් විය.

මෙහිදි විශේෂ අවධානයක් යොමු වූයේ පාසල් මට්ටමේදි දක්ෂතා හදුනා ගන්නා ක්‍රීඩක ක්‍රීඩිකාවන් ජාතික මට්ටම දක්වා රැගෙන යන තුරු ඔවුන්ව රැක බලා ගැනීමේ විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරිම පිළිබදවයි.

ඊට අමතරව පාසල් කාලය අවසන් වූ පසු එම ක්‍රිඩක ක්‍රිඩිකාවන් ක්‍රිඩා සංගම් වලට හා ක්‍රිඩා සමාජ වලට යොමු කිරිමේ විශේෂ වැඩ පිළිවෙලක් සැකසීම කෙරෙහිද මෙහිදී විශේෂ අවධානයක් යොමු විය.

දක්ෂතා දක්වන එම ක්‍රීඩක ක්‍රීඩිකාවන් අන්තර් ජාතික මට්ටමේ ක්‍රීඩා තරග සදහා සහභාගි කරවීම සහ ඔවුන්ගේ සුභසිද්ධිය වෙනුවෙන් පළාත් ක්‍රිඩා අරමුදක් ස්ථාපිත කිරිමටද මෙ හමුවේදි තිරණය කෙරිණි.

මේ අතර පළාත් ක්‍රීඩා සභාවේ ඉදිරි කටයුතු ක්‍රියාත්මක කිරිමට අදාළ යෝජනා ඇතිනම් ඒවා සතියක් තුළ පළාත් ක්‍රිඩා දෙපාර්තමේන්තුව වෙත යොමු කරන ලෙසද ආණ්ඩුකාරවරිය මෙහිදි උපදෙස් දුන්නාය.

මේ අවස්ථාවට පළාත් ප්‍රධාන ලේකම් තුසිත පී. වනිගසංහ, ආණ්ඩුකාර ලේකම් එල් පී. මදනායක, පළාත් අධ්‍යාපන ලේකම් එච්.ඊ.එම්.ඩබ්.ජි දිසානායක, පළාත් ක්‍රිඩා අධ්‍යක්ෂක එන්.එම් නෞෆීස් ඇතුළු පළාත් ක්‍රිඩා සභාව නියෝජයන කරන සියළු සමාජිකයන් එක්ව සිටියහ.

More articles

Latest article