25.4 C
Colombo
ඉරිදා, නොවැම්බර් 27, 2022

ආර්ථිකය යළි ශක්තිමත් කිරීම සඳහා ශ්‍රී ලංකා රජය ගෙන යන වැඩපිළි‍වෙළට ලෝක බැංකුවේ පැසසුම්

Must read

මෙරට ආර්ථිකය යළි ශක්තිමත් කිරීම සඳහා රජය ගෙන යන වැඩපිළිවෙළ අගය කරන බව ලෝක බැංකුව පවසයි. ලෝක බැංකුවේ මෙරට අධ්‍යක්ෂ FARIS HADAD-ZERVOS මහතා සඳහන් කරන්නේ බිඳ වැටුණු ආර්ථිකය යථාවත් කිරීම සඳහා රජය විවිධ ක්‍රියාමාර්ග ගනිමින් සිය කැපවීම ප්‍රදර්ශනය කරමින් සිටින බවයි.

ලෝක බැංකුව එම තත්ත්වයන් සමීපව නිරීක්ෂණය කරමින් සිටින බව හෙතෙම අවධාරණය කරයි. FARIS HADAD-ZERVOS මහතා මේ අදහස් පළ කළේ මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා සමඟ (03) මුදල් අමාත්‍යාංශයේ පැවැති විශේෂ සාකච්ඡාවක දී ය.

භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන, විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අජිත් අබේසේකර, රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය කපිල සේනානායක යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

More articles

Latest article