32 C
Colombo
සිකුරාදා, අප්‍රේල් 19, 2024

පළාත් පාලන මැතිවරණයට වියදම බිලියන 16ක් විය හැකියි – අමාත්‍ය බන්දුල ගුණවර්ධන

Must read

පළාත් පාලන මැතිවරණයට පසුගිය කාලයේදී රුපියල් බිලියන 8ක මුදලක් වැය වී ඇති අතර, මෙවර වියදම් වර්ධනයත් සමඟ රුපියල් බිලියන 16ක් පමණ වියදම් විය හැකි බව ප්‍රවාහන, මහා මාර්ග හා ජනමාධ්‍ය ඇමැති, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසුවේය.

මැතිවරණයක් පැවැත්වීම සඳහා මුදල් අච්චු ගැසිය නොහැකි බවත් දැනට පවතින ණය ප්‍රතිව්‍යුහගත කිරීම තුළදී අත්‍යවශ්‍ය ණය ගෙවීම් හැර අනෙකුත් වියදම් සඳහා මුදල් අච්චු ගැසීම නොකරන බවත් ඇමැතිවරයා කීය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව ඊයේ (17) ප්‍රකාශ කළේය.

මුදල් අච්චු නොගැසීමේ රාජ්‍ය ප්‍රතිපත්තිය කැඩුණහොත් මීට වඩා අමාරු කාලයක් රටට උදා වන්නේ යැයිද, මැතිවරණය ප්‍රකාශයට පත් කළහොත් මැතිවරණයට ඉදිරිපත් වීමට සූදානමින් සිටින්නේ යැයිද ඇමැතිවරයා පැවසුවේය.

රට තුළ පවතින අනෙකුත් ප්‍රශ්න ගැන මෙහිදී විමසිලිමත් විය යුතු අතර විදුලිය මිල වැඩි කිරීමේ ගැටලුවක් පවතින්නේ යැයිද උසස් පෙළ විභාගය දින 14ක් පුරා පැවැත්වෙන අතර ඒ කාලය තුළ විදුලිය විසන්ධි නොකර පවත්වාගෙන යෑමේදී දිනකට රුපියල් බිලියන 357ක මුදලක් වැය වන්නේ යැයිද ඇමැතිවරයා කීය.

මැතිවරණය පැවැත්වීමට තීරණය කළොත් කොටස් වශයෙන් මුදල් දෙන බවට භාණ්ඩාගාරය ප්‍රකාශ කර ඇතැයිද ඇමැතිවරයා පැවසීය.

More articles

Latest article