24 C
Colombo
අඟහරුවාදා, ඔක්තෝබර් 3, 2023

මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත් කෙටුම්පත අද විවාදයට

Must read

මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත් කෙටුම්පත අද (19) දින පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැනීමට නියමිතව තිබේ.

විජයදාස රාජපක්ෂ අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 17 වනදා පැවති අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ දී එම විවාදය මාසකින් කල් දැමීමට තීරණය වී තිබුණි.

එහෙත් ඊයේ පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ දී මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත් කෙටුම්පත අද විවාදයට ගැනීමට තීරණය වී තිබේ.

පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා සදහන් කළේ ඒ අනුව උදෑසන 10.30 සිට පස්වරු 5.00 දක්වා මෙම පනත් කෙටුම්පත දෙවනවර කියවීමේ විවාදය පැවැත්වීමට නියමිත බවය.

විවාදයෙන් අනතුරුව අද පස්වරුවේ ඊට අදාළ ඡන්ද විමසීම පැවැත්වීමට ද නියමිතව තිබේ.

මේ අතර මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත් කෙටුම්පත අද විවාදයට ගැනීමට තීරණය කිරීම සම්බන්ධයෙන් විපක්ෂයේ දේශපාලන පක්ෂ සිය අප්‍රසාදය පල කළේය.

සමගි ජනබලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා සදහන් කළේ ආණ්ඩුව මැතිවරණය කල් දැමීමේ අරමුණින් මෙම පනත කඩිනමින් සම්මත කිරීමට උත්සාහ දරන බවය.

More articles

Latest article