32 C
Colombo
සිකුරාදා, අප්‍රේල් 19, 2024

ඡන්ද දිනය තීරණය කරන රැස්වීමට ගණ පූර්ණය නෑ

Must read

පළාත් පාලන මැතිවරණය පැවැත්වීමේ දින නියම කිරීම සඳහා මැතිවරණ කොමිෂන් සභාවේ පැවැති රැස්වීමට එහි සාමාජිකයන් තිදෙනකුම සහභාගී නොවී තිබියදී ගෙන ඇති තීරණ පිළිබඳ බලවත් ප්‍රශ්නකාරී තත්ත්වයක් මතුව ඇතැයි රජයේ ප්‍රකාශකයෙක් පැවසීය. පළාත් පාලන මැතිවරණයට දින නියම කෙරුණු රැස්වීමේ අඩුම තරමින් ගණ පූරණය වත් තිබුණේ නැතැයි ද හෙතෙම ප්‍රකාශ කළේය.

පළාත් පාලන මැතිවරණයට අදාළ නාමයෝජනා බාර ගැනීමෙන් අනතුරුව ඡන්දය පවත්වන දිනය තීරණය කිරීම සඳහා සෙනසුරාදා (21) මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගේ රැස්වීමක් කැඳවා තිබිණි.

ඊට මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සහ තවත් එක් සාමාජිකයකු හැර වෙනත් කිසිවකුත් සහභාගී නොවූ බව ප්‍රකාශ කෙරිණි.

සාකච්ඡාවට සහභාගී නොවූ සාමාජිකයන් දුරකථනයෙන් සම්බන්ධ කරගෙන තීරණ ගත් බව මැතිවරණ කොමිසම සඳහන් කළ ද ඒ ආකාරයට තීන්දු ගැනීමේ හැකියාවක් මැතිවරණ කොමිසමට නැතැයි ප්‍රකාශකයා පෙන්වා දුන්නේය. මේ තත්ත්වය යටතේ පළාත් පාලන මැතිවරණය ප්‍රකාශයට පත්කළ කොමිසමේ රැස්වීමේ වලංගු භාවය සම්බන්ධයෙන් විශාල ගැටලුවක් පැන නැඟී ඇතැයි ද රජයේ ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළේය.

More articles

Latest article