29 C
Colombo
සඳුදා, මාර්තු 27, 2023

ඩකා සිනමා උලෙළේ හොඳම වාර්තා චිත්‍රපටය ‘සිරිමාවෝ’

Must read

ලොව ප්‍රථම අගමැතිනි සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ දිවිය අලළා අනෝමා රාජකරුණා මහත්මිය නිෂ්පාදනය කළ Our Mother , Grandmother, prime Minister Sirimavo නමැති වාර්තා චිත්‍රටය 21 වැනි ඩකා අන්තර්ජාතික සිනමා උලෙළේදී කාන්තා අංශයේ හොඳම වාර්තා චිත්‍රපටයට හිමි සම්ම­ානය හිමි කර ගෙන තිබේ.

එම සම්මාන උලෙළ නියෝජනය කළ අනෝමා රාජකරුණා මහත්මිය සම්මානයද රැඟෙන ඊයේ (23) සවස කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණියාය.

ඇය පිළිගැනීමට චිත්‍රපට සංස්ථාවේ නිලධාරීන් පිරිසක් කටුනායක ගුවන් තොටුපොළේ පැමිණීමේ මඟී පර්යන්තයට ඊයේ (23) පැමිණ සිටියහ.

හිටපු අග්‍රාමාත්‍ය සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය තේමා කර ගනිමින්, විනාඩි 83ක විකාශන කාලයක් සහිතව මෙම චිත්‍රපටය නිෂ්පාදනය කර තිබේ.

1916 වසරේ දී උපන් සිරිමා මැතිනිය පසුගිය 2016 වැනි වසරේ දී සියවැනි උපන් දින සැමරුම සඳහා මෙම සිනමා පටය නිපදවා තිබේ. 2016 වසරේ සිට වසර 05ක කාලයක් මෙම චිත්‍රපටය නිෂ්පාදනය කිරීම සඳහා අනෝමා රාජකරුණා මහත්මිය වැය කර තිබූ අතර ඒ සඳහා සිරිමා මැතිනිය සමීපව ඇසුරු කළ ඉහළ රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන් වන නිහාල් ජයවික්‍රම සහ ගුණසිරි පීරිස් යන මහත්වරුන් සහ චන්ද්‍රිකා, සුනේත්‍රා යන දියණියන් සහ විමුක්ති සහ යශෝදරා යන මුණුබුරු මිණිබිරියන්ගේ ද සම්මුඛ සාකච්ඡා ලබා ගෙන තිබේ.

මෙම චිත්‍රපටය ඉංශ්‍රීසි සහ සිංහල යන භාෂා ද්විත්වයම උපයෝගී කර ගනිමින් නිපදවා තිබේ .

More articles

Latest article