26 C
Colombo
බදාදා, අප්‍රේල් 24, 2024

චිත්‍රපට සංස්ථාවට 51යි

Must read

ශ්‍රී ලාංකේය සිනමාවට වසර 76ක් හා ජාතික චිත්‍රපට සංස්ථාවට වසර 51ක් සපිරීම නිමිත්තෙන් සංවිධාන කරන ජාතික සැමරුම් උත්සවය ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (26) සවස 3ට පැවැත්වේ. ජාතික චිත්‍රපට සංස්ථාවේදී පැවැත්වෙන මෙම උත්සවයේදී කොළඹ විශ්වවිද්‍යාලයේ ජනමාධ්‍ය අධ්‍යයනාංශයේ මහාචාර්ය සමන්ත හේරත් මහතා ප්‍රධාන දෙසුම පවත්වයි. දේශනයෙන් අනතුරුව 5.30ට පැරණි චිත්‍රපට ප්‍රදර්ශනයක් ද පැවැත්වේ.

මේ සැමරුම් උත්සවය ඉකුත් 21 දා පැවැත්වීමට නියමිතව පැවති නමුත් ප්‍රවීණ සිනමා අධ්‍යක්ෂිකා සුමිත්‍රා පීරිස් මහත්මියගේ අභාවය හේතුවෙන් එය අදට (26) කල් දැමිණි.

මෙරට සිනමා ගමන් මඟේ ඇරඹුම සිදුවූයේ වර්ෂ 1947දී තිරගත වූ ‘කඩවුණු පොරොන්දුව’ චිත්‍රපටයෙනි. එය කථා නාද සිනමාවේ සම්ප්‍රාප්තියයි. මෙරට සිනමාවට වසර 76ක් ගත වුවද එය ඊටත් එහා අතීතයක උරුම ලද්දක් විය. 1925 මෙරට නිපදවූ ප්‍රථම නිහඬ චිත්‍රපටය වූ ‘රාජකීය වික්‍රමය’ ලංකාවේ රූගත කර ඉන්දියාවේ හා සිංගප්පූරුවේ ප්‍රදර්ශනයෙන් අනතුරුව ලංකාවේ පෙන්වීමට පෙර විනාශ වී යෑම නිසා මුල්ම සිනමා නිර්මාණයේ රුව දැකීමට අප වාසනාවන්තයන් නොවීය.

More articles

Latest article