27.9 C
Colombo
සඳුදා, මැයි 27, 2024

පැය 6ක් රටම අඳුරේ තැබූ විදුලිය බිඳවැටීම කඩාකප්පල්කාරි ක්‍රියාවක් – ජ්‍යෙෂ්ඨ විදුලි ඉංජිනේරු සංගමය

Must read

අපක්ෂපාති පරීක්ෂණයක් ඕනෑ ජ්‍යෙෂ්ඨ විදුලි ඉංජිනේරු සංගමය රජයට කියයි

රට පුරා පසුගිය දිනවල සිදුවූ විදුලිය බිඳවැටීම සම්බන්ධව කඩිනම් පරීක්ෂණයක් සිදු කළ යුතු බව ලංකා විදුලිබල මණ්ඩල ෙජ්‍යෂ්ඨ විදුලි ඉංජිනේරු සංගමය රජයෙන් ඉල්ලයි. රට පුරා විදුලිය බිඳ වැටීම් යම්කිසි කඩාකප්පල් ක්‍රියාවක් යැයි සැක සහිත බවත්, ඒ පිළිබඳ අපක්ෂපාති පරික්ෂණයක් සිදු කර රටට හෙළි කිරීම රජයේ වගකීමක් බවත් ඔවුහු කියති. ඊයේ (6) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී එම සංගමයේ නියෝජිතයෝ සඳහන් කළහ.

දිගින් දිගටම මෙවැනි කඩාකප්පල්කාරී ක්‍රියාවන් සිදු වුවහොත් මෙරට ආර්ථිකයට මෙන්ම ජාතික ආරක්ෂාව දැඩි බලපෑමක් එල්ල විය හැකි බවද එම සංවිධානය පෙන්වා දෙයි.

ලංකා විදුලි ඉංජිනේරු සංගමය අකුරට වැඩ කිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගයක නිරත වී සිටියදී එකම ආකාරයකට දෙවරක් සමස්ත විදුලි පද්ධතිය බිඳ වැටීම බරපතළ සැක උපදවන බවත් ඒ පිළිබඳ වහාම අපක්ෂපාතී පරීක්ෂණයක් කළ යුතු බවත් ලංකා විදුලි ජේෂ්ඨ ඉංජිනේරු සංගමය අවධාරණය කරයි.

More articles

Latest article