27.9 C
Colombo
සඳුදා, මැයි 27, 2024

සිංහල සිනමාවේ “බොක්ස් ඔෆිස් රජු” අභවප්‍රාප්ත වෙයි

Must read

සිංහල සිනමාවේ “බොක්ස් ඔෆිස් රජු” යන විරුදාවලිය ලැබූ ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් වූ සුනිල් සෝම පීරිස් මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

ඒ මියයන විට ඒ මහතා 72 වන වියේ පසුවිය.

සුනිල් සෝම පීරිස් මහතා විසින් චිත්‍රපට 54කට ආසන්න ප්‍රමාණයකට අධ්‍යක්ෂණයෙන් දායකත්වය දක්වා ඇත.

ජය පිට ජය, දිවුරා කියන්නම්, ජය අපටයි, මමයි රජා, රජ වැඩකාරයෝ, යුක්තියට වැඩ, දිනුම, ඔබටයි ප්‍රියේ ආදරේ යන චිත්‍රපටි ඔහු විසින් අධ්‍යක්ෂණය කර ඇති චිත්‍රපට අතරින් කිහිපයකි.

මෙරට චිත්‍රපට නාමාවලිය තුළ වැඩි වශයෙන් නිර්මාණකරණයේ නියුතු සිනමාකරුවෙකු ලෙස ඔහු ඉතිහාස ගතවන අතර ඔහු චිත්‍රපට කිහිපයක රංගන ශිල්පියෙකු ලෙසින් ද දක්නට ලැබුණි.

More articles

Latest article