27.9 C
Colombo
සඳුදා, මැයි 27, 2024

අනුමත මුදල ඉක්මවා වියදම් කරන දේශපාලන පක්ෂවලට දඬුවම් දිය යුතුයි – මැතිවරණ කොමිසමේ සභාපති

Must read

අනුමත මුදල ඉක්මවා වියදම් කරන දේශපාලන පක්ෂ, ස්වාධීන කණ්ඩායම් හෝ අපේක්ෂකයන්ට එරෙහිව දඬුවම් නියම කළ යුතු බව මැතිවරණ කොමිසමේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා කාරක සභාවේදී පෙන්වා දුන්නේය.

මැතිවරණයකට අදාළ වියදම් සම්බන්ධව “බලයලත් මුදලක්” තීරණය කිරීම යෝග්‍ය බව මැතිවරණ සහ ඡන්ද විමසීම් ව්‍යුහයේ හා නීති-රීතිවල ප්‍රතිසංස්කරණ හඳුනාගැනීමටත්, ඒ සම්බන්ධයෙන් අවශ්‍ය සංශෝධන ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේදී මැතිවරණ කොමිසමේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා යෝජනා කළේය.

මැතිවරණ වියදම් පාලනය පිළිබඳ සකසා ඇති පනත් කෙටුම්පතට එම තොරතුරු ඇතුළත් කර තිබෙන අතර දේශපාලන පක්ෂ සහ ඒ ඒ අපේක්ෂකයන්ට මැතිවරණයකදී වියදම් කළ හැකි මුදල් ප්‍රමාණය කවරේද යන්නද යෝජිත බලයලත් මුදල තුළට අන්තර්ගත කෙරේ.

මැතිවරණ කොමිසම විසින්, අදාළ දේශපාලන පක්ෂ සමඟ සාකච්ඡා කර එම බලයලත් මුදල තීරණය කෙරෙන බවත් එලෙස තීරණය කරන බලයලත් මුදල මැතිවරණයෙන් මැතිවරණයට වෙනස් වන බවත් හෙතෙම කාරක සභාවේදී කීවේය.

More articles

Latest article