27.3 C
Colombo
බදාදා, මැයි 22, 2024

2019 ජනවාරියේ සිට පාස්කු දා ප්‍රහාරය වන තෙක් හිටපු ජනාධිපති ආරක්ෂක මණ්ඩලය රැස් කර නැහැ – හිටපු ආරක්ෂක රාජ්‍ය ඇමැති

Must read

ජාතික ආරක්ෂාව පිළිබඳ තීන්දු තීරණ ගැනෙන ආරක්ෂක මණ්ඩල රැස්වීම 2019 ජනවාරි සිට පාස්කු ඉරුදින ප්‍රහාරය දක්වා රැස් කිරීමට හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු නොකළ බව හිටපු ආරක්ෂක රාජ්‍ය ඇමැති රුවන් විජයවර්ධන මහතා කොළඹ ත්‍රි පුද්ගල මහාධිකරණයේ සාක්ෂි දෙමින් ඊයේ (14) පැවසීය.

ආරක්ෂක මණ්ඩලය රැස් කිරීම වෙනුවට බුද්ධි ප්‍රධානීන් හෝ හමුදාපතිවරුන් වරින් වර කැඳවා විමසීම් කර ඇති බව ද විජයවර්ධන මහතා සඳහන් කළේය. ආරක්ෂක මණ්ඩල රැස්වීමට එවකට සිටි අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට හෝ තමන්ට ආරාධනා නොකළ බවත්, එසේ ආරාධනා නොකලේ මන්දැයි ආරක්ෂක ලේකම්වරයාගෙන් විමසූ විට ජනපතිගේ අවසරයකින් තොරව කැඳවිය නොහැකි බවට හේමසිරි ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළ බවත් පැවසීය.

පාස්කු ප්‍රහාරය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් අධිචෝදනා 855ක් යටතේ හේමසිරි ප්‍රනාන්දු මහතාට එරෙහිව නිතිපතිවරයා පැවරූ නඩුවේ සාක්ෂි ලබා දෙමින් හිටපු රාජ්‍ය ඇමැතිවරයා එසේ පැවසීය. පාස්කු ප්‍රහාරයෙන් පසුව 21 දින උදෑසන හිටපු ආරක්ෂක මණ්ඩලය රැස්කිරීමට හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා උත්සාහ කළ ද කිසිදු නිලධාරියෙක් අරලියග මැඳුරට නොගිය බව ද හෙතෙම සඳහන් කළේය.

More articles

Latest article