28.8 C
Colombo
ඉරිදා, මැයි 26, 2024

පාරිභෝගිකයන් විදුලි බිල් නොගෙවීමෙන් මණ්ඩලයට කෝටි 454කට වැඩි පාඩුවක්

Must read

මෙරට විදුලි පාරිභෝගිකයන් විදුලි බිල නොගවීම හේතුවෙන් සැප්තැම්බර් මාසය වන විට රුපියල් කෝටි 454 වැඩි පාඩුවක් ලබා ඇති බව ලංකා විදුලිබල මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි ඉංජිනේරු නොයෙල් ප්‍රියන්ත මහතා ඊයේ (1) පැවසීය.

විදුලි බල මණ්ඩලයේ දී ඊයේ (1) පැවැති උත්සවයකදී ඒ මහතා මේ බව කීවේය. මේ මුදල් මණ්ඩලයට නොලැබීම මත මුදල් පොලියට ගෙන යෙදවීමට සිදුව ඇති බව සඳහන් කළ ඒ මහතා, මෙය ජාතික වගකීමක් සේ සලකා විදුලි බිලෙන් යම් ප්‍රමාණයක් හෝ ගෙවීමට කටයුතු කරන ලෙස පාරිභෝගිකයන්ගෙන් ඉල්ලා සිටියේය.

More articles

Latest article