31 C
Colombo
බ්‍රහස්පතින්දා, අප්‍රේල් 25, 2024

මට ගොඩක් ආදරේ නිසා, එයාල මට වැඩ කරන්න දෙන්නෙ නෑ – ප්‍රවීනා දිසානායක

Must read

කලා ක්ෂේත්‍රය තුළ මේවෙනකොට අතිශය ජනප්‍රියත්වයට පත් රංගනයට වගේම නර්තනයටත් උපන් හපන්කම් දක්වන දක්ෂ කලාකාරිනියක් තමයි ප්‍රවීනා දිසානායක කියල කියන්නේ.

මෙරට ජනප්‍රිය මියුසික් වීඩියෝවක් බවට පත් චන්ද්‍රා පායන්න ගීතයේ මියුසික් වීඩියෝව තුලින් ප්‍රේක්ෂකයන් හමුවට ආපු මේ සුරූපී රංගන ශිල්පිනිය අපට පහුගිය කාලයේ ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශය කෙරුණු ‘නාඩගම්කාරයෝ’ ටෙලි නිර්මාණය ඔස්සේ දැකගන්නට ලැබුණා.

කොහොම වෙතත් නාඩගම්කාරයෝහී ගීතිකා කියන චරිතය ඔස්සේ ප්‍රේක්ෂකයන් හමුවට ආපු ඇයට ඉහළ ජනතා ආකර්ෂණයක් වගේම ආදරයක් හිමිකර ගැනීමට හැකියාව ලැබුණා.

ඇත්තෙන්ම ප්‍රවීනා කියල කියන්නේ පාසල් යන කාලේ ඉදලම කලාවට වැඩි නැඹුරුවක් දක්වපු කෙනෙක්. මේ අතර ඇයව යාලුවෝ හොයනකොට මුලින්ම නැටුම් කාමරේ හොයලා බලලා තමයි ඊට පස්සේ පන්තියේ හොයන්නේ කියලයි ඇය කියන්නේ.

ඒ තරමට පාසල් යන කාලයේ ඉදලම ඇයට කලාවත් එක්ක ලොකු සම්බන්ධයක් තිබිල තිබෙනවා. කොහොම වෙතත් ඇයනම් කියන්නේ නාඩගම්කාරයෝ ගීතිකා කියන චරිතය ලැබීමත් එක්ක මට මගේ රංගන හැකියාව වගේම නර්තන හැකියාවත් පෙන්නන්න ලැබීම ගැන ගොඩක් සතුටු වෙනවා කියලයි.

මේ ටෙලි නිර්මාණය ඔස්සේ ප්‍රේක්ෂකයන් හමුවට ආපු ඇය පහුගිය දවසක යූ ටියුබ් වැඩ සටහනකට සහභාගි වෙලා අදහස් දක්වලා තිබෙනවා අපට දැකගන්නට ලැබුණා.

” මම අපේ පවුලේ එකම ළමයා. ඉතින් අම්මයි අප්පච්චියි මට හරි ආදරෙයි. මම අම්මා හැමදාම උයනකොට කුස්සියට ගිහින් පුටුවක ඉදගෙන දවසේ වුනු හැමදේම කියනවා.

ඒ කියන අතරේ අම්මා මට පොඩි පොඩි වැඩ කියනවා. ඒ නිසා මට ගෙදර වැඩ ඕනම දෙයක් කරන්න පුලුවන්. ඒත් එයාල මට වැඩ කරන්න දෙන්නෙ නෑ මට ගොඩක් ආදරේ නිසා.

අපේ අප්පච්චි අසනිප වුනාම මට තේරුනේ මේ දෙන්න එක්ක මම ඉස්සරහට යන්න ඕන කියලා. එතකම් මම හිතන් හිටියේ මට ඒ දෙන්නා ඉන්නවනේ කියලා. මම කවදාවත් ඒ දෙන්නා අසනීප වෙයි කියලා බලාපොරොත්තු වුනේ නෑ. මගේ ජීවිතේ වීරයෝ දෙන්නා අම්මයි අප්පච්චියි.’’

මේ විදිහට තමයි ඇය ඒ යූටියුබ් සාකච්ඡාව සමගින් එක්වෙලා අදහස් දක්වලා තිබුණේ. ඉතින් ඇගේ ඉදිරි කලා කටයුතු සියල්ල ඇය සිතන ආකාරයෙන්ම සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියල අපි සුබ ප්‍රාර්ථනා එක් කරන්නෙමු.

More articles

Latest article