29 C
Colombo
බ්‍රහස්පතින්දා, අප්‍රේල් 25, 2024

‘ඇල්ල ඔඩෙසි’ 

Must read

මෙරට ඉහළ සංචාරක ආකර්ෂණය දිනා ගත් දුම්රිය ගමනාන්තයක් වන කොළඹ සිට බදුල්ල දක්වා නගරාන්තර අධි සුඛෝපභෝගී සති අන්ත ‘ඇල්ල ඔඩෙසි’ දුම්රිය පෙරේදා (13) පෙ.ව 5.30ට ප්‍රවාහන ,මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ සහභාගිත්වයෙන් කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ කළ අවස්ථාව. මීට පෙර මෙම දුම්රිය මහනුවර සිට ඇල්ල දක්වා ධාවනය කෙරිණි. අද දින කොළඹ කොටුවෙන් ගමන් ආරම්භ කළ මෙම බලවේග කට්ටල දුම්රිය මැදිරි 8කින් සමන්විතය. කලින් මුදල් ගෙවා මෙහි ආසන වෙන් කරගත යුතු වන අතර පළමු, දෙවන සහ තෙවන පන්තියේ ආසනවලින් දුම්රිය සමන්විතය.

විදේශීය සංචාරකයන්ට පමණක් නොව දේශීය සංචාරකයන්ටත් විශේෂ අධි සුඛෝපභෝගී සංචාරක දුම්රිය සේවයක් සැලසීම මෙහි ප්‍රධාන අරමුණ බවත් මේ එහි පළමු පියවර බවත් අනුරාධපුරය, යාපනය, බෙලිඅත්ත වැනි ප්‍රදේශවලටත් ඉදිරියේදී මෙවැනි සති අන්ත අධි සුඛෝපභෝගී දුම්රිය සේවයක් යෙදවීමට බලාපොරොත්තු වන බවත් මෙහිදී අදහස් දක්වමින් ඇමැතිවරයා පැවසීය.

More articles

Latest article