32 C
Colombo
සඳුදා, අප්‍රේල් 22, 2024

ද්විපාර්ශ්වික සහයෝගීතාව තර කර ගැනීමට ශ්‍රී ලංකාවේ හා ඊජිප්තුවේ අවධානය

Must read

ශ්‍රී ලංකා – ඊජිප්තු ද්විපාර්ශ්වික සහයෝගීතාවය තවදුරටත් වර්ධනය කර ගැනීම සම්බන්ධයෙන් දෙරටේ අවධානය යොමුව තිබේ.

ශ්‍රී ලංකාවේ ඊජිප්තු තානාපති මගෙඩ් මොෂ්ලේ මහතා විදේශ කටයුතු අමාත්‍යාංශයේදී විදේශ කටයුතු ඇමැති අලි සබ්‍රි මහතා හමුවිය. එහිදී පැවැති සාකච්ඡාවේදී දෙරටට වැදගත් කරුණු රැසක් සම්බන්ධයෙන් අවධානය යෙමු කර තිබෙන අතර, බහුවිධ ද්විපාර්ශ්වික සහයෝගීතාවය තවදුරටත් පුළුල් කිරීම සම්බන්ධයෙන් ද අවධානය යොමුව තිබෙන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පැවසීය.

වර්තමානය වන විට ශ්‍රී ලංකාව හමුවේ පවතින අභියෝග සහ එම අභියෝග ජයගැනීම සඳහා ශ්‍රී ලංකා රජය ගෙන ඇති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් විදේශ කටයුතු ඇමැති අලි සබ්‍රි මහතා විසින් ඊජිප්තු තානාපතිවරයා වෙත කරුණු දක්වනු ලැබ තිබේ. එහිදී පවතින ගෝලීය තත්ත්වයන් හමුවේ තවදුරටත් ශ්‍රී ලංකාවට මුහුණදීමට සිදු වන අභියෝග සම්බන්ධයෙන් ද අවධානය යොමු කර ඇත. පවතින තත්ත්වයන් හමුවේ ශ්‍රී ලංකාව සහ ඊජිප්තුව අතර සහයෝගීතාවය වර්ධනය කර ගැනීම සම්බන්ධයෙන් ද මේ හමුවේදී අවධානය යොමු කර තිබෙන අතර, ගෝලීය අර්බුද හමුවේ දෙරටට බලපාන තත්ත්වයන්ට මුහුණදිය හැකි ආකාරය පිළිබඳව ද සාකච්ඡා කෙරිණි.

ශ්‍රී ලංකාව සහ ඊජිප්තුව අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ආරම්භ කොට 65 වැනි සංවත්සරය ලබන වසරේ සැමරීමට නියමිතය.

More articles

Latest article