නැගෙනහිර පළාතේ පසල් දුවාදරුවන්ගේ ගුණාත්මක, සන්නිවේදන සහ කුසලතා ප්‍රගුණ කිරීමේ අරමුණින් නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මියගේ ඉල්ලීම පරිදි චීන රජයෙන් ලබාදුන් SMART BOARD තොගය භාරදීම (5) ත්‍රිකුණාමලය පිහිටි ආණ්ඩුකාර කාර්යාලයේදි සිදු කෙරිණි.
ශ්‍රී ලංකාවේ චීන තානාපති චී. ශෙන්හොන් මහතා විසින් එම SMART BOARD තොගය ආණ්ඩුකාරවරිය වෙත ප්‍රදානය කිරීමෙන් අනතුරුව නැගෙනහිර පළාතේ අධ්‍යාපන කලාප 17ම ආවරණය වන පරිදි පාසල් 20ක් සදහා එම SMART BOARD එක බැගින් ලබාදුන්හ. එහිදි එම විද්‍යාල වල විදුහල්පතිවරුන්ට ආණ්ඩුකාරවරිය සහ චින තානාපතිවරයා විසින් අදාළ SMART BOARD නිල වශයෙන් භාරදීමද සිදුවූහ. ආණ්ඩුකාරවරියගේ ඉල්ලිම පරිදි ඉතා කෙටි කාලයක් තුළ චින තානාපතිවරයා විසින් මෙම SMART BOARD තොගය ලබා දීමද විශේෂත්වයකි. ඒවා ලබාදුන් පාසල් ලැයිස්තුව මෙසේය.
1▪️Trincomalee zone – T/T/Peruntheru Vigneswara Maha Vidyalaya
2▪️Trincomalee North zone – T/Tn/ Sinhapura Vidyawardana Vidyalaya
3▪️Trincomalee North zone – T/Tn/ Ethabendiwewa Vidyalaya
4▪️Kanthale zone – T/Kn/ Kanthale Madya maha Vidyalaya
5▪️Muthur zone – T/Mu/ Barathi Maha Vidyalaya
6▪️Kinniya zone – T/Kin/ Al-Athan Maha Vidyalaya
7▪️Batticaloa zone – Bt/Bt/ Thannamunai St.Joseph College
8▪️Paddiripou zone – Bt/Pd/ Kurumanvely Sivasakthy Maha Vidyalaya
9▪️Batticaloa West zone – Bt/Bw/ Kokkadicholai RKM Maha Vidyalaya
10▪️Kalkudah zone – Kalkudah Siri Seelalankara Pirivena/ Kalkudah Sinhala Maha Vidyalaya
11▪️Kalkudah zone – Bt/Kk/ Chenkalady Vivekananda Vidyalaya
12▪️Batticaloa Central zone – Bt/Bc/ Millath Girl’s High School
13▪️Ampara zone – Am/Am/ Galapitagala Maha Vidyalaya
14▪️Ampara zone – Am/ Panama Maha Vidyalaya
15▪️Mahaoya zone – Am/ Mh/ Nuwaragalathenna Maha Vidyalaya
16▪️Sammanthure zone – Km/ St/ As-Siraj Maha Vidyalaya
17▪️Kalmune zone – Km/Km/ Pulavarmani Saturdeen Maha Vidyalaya
18▪️Dehiattakandiya zone – Am/ Dk/ Dolakanda Maha Vidyalaya
19▪️Thirukkovil zone – Km/Tk/ Thirukkovil MMT Maha Vidyalaya
20▪️Akkarapattu zone – Km/ Ak/ Al- Kalam Maha Vidyalaya
මේ අතර නැගෙනහිර පලාතේ පාසල් වල සූර්යබලයෙන් ක්‍රියාත්මක කරන විදුලි ලාම්පු සවි කිරීම සදහා වන ගිවිසුමකටද මෙහිදි අත්සන් තැබිණි. නැගෙනහිර පළාත් සභාව සහ චීනයේ “Yunnan Commercial Association” සමාගම එක්ව එම ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවේ. මේ අවස්ථාවට ප්‍රධාන ලේකම් තුසිත පී. වනිගසිංහ, ආණ්ඩුකාර ලේකම් එල්.පී. මදනායක, අධ්‍යාපන ලේකම් එච්.ඊ.එම්.ඩබ්.ජී. දිසානායක, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂික එන්.පිල්ලේනායගම්, විදුහල්පතිවරුන් සහ චින තානාපති කාර්යාල නියෝජිතයින් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.