27.5 C
Colombo
සිකුරාදා, අප්‍රේල් 19, 2024

පාස්කු දිනය සැමරීම වෙනුවෙන් ජනතාවට උපරිම ආරක්ෂාවක්

Must read

පාස්කු දිනය සැමරීම වෙනුවෙන් ජනතාවට සැපයිය යුතු උපරිම ආරක්ෂාව මේ වන විට ලබාදී ඇතැයි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

අද උදෑසන දෙරණ නාලිකාවේ “දෙරණ අරුණ“ වැඩසටනට එක්වෙමින් යුද හමුදාපතිවරයා එම අදහස් පළ කළේය. යුද හමුදාපතිවරයා වැඩිදුරටත් පවසා සිටියේ, දේව මෙහෙයන් සඳහා සෞඛ්‍යාරක්ෂිත ක්‍රම අනුගමනය කරමින් කිසිදු බියකින් තොරව සහභාගී වන ලෙසය.

මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වු යුද හමුදාපතිවරයා,

“සෑම දේවස්ථානයකට ම ආරක්ෂාව සැපයීම ඉතාමත් අපහසු වෙන්නට පුළුවන්. දේවස්ථානවල විතරක් නෙමෙයි මීට අවුරුදු දෙකකට පෙර පාස්කු ප්‍රහාරය හමුවේ ඇතැම් හෝටල්වලටත් ප්‍රහාර එල්ලවුණා. ඒ හෝටල්වලින් හමුදා ආරක්ෂාව ඉල්ලනවා නමුත් පොදුවේ පොලීසිය විසින් මේ සැබැඳිව ක්‍රියාකරලා තියෙනවා. ඊට අමතර අතිගරු ජනාධිපතිවරයා විසින්, ගරු අග්‍රාමාත්‍යතුමා, ආරක්ෂක කවුන්සිලයේදී මේ පිළිබඳ උපදෙස් දීලා තියෙනවා. මේ අනුව පොලීසියට අමතරව ත්‍රිවිධ හමුදාව විසින් ජනතාවට අවශ්‍ය සුදුසුම ආරක්ෂාව ලබාදීලා තියෙනවා. සමහර වෙලාවට එම ස්ථානයේම ආරක්ෂාවට හමුදාවේ හෝ පොලීසියේ අය සිටියේ නැති වුණත් හැකිතාක් දුරට අපි උත්සහ කරනවා ලබාදෙන්න. සෑම ස්ථානයකටම දාන්න බැරි වුණාත් පොදුවේ ප්‍රදේශයේ ආරක්ෂාව සපයන ක්‍රමවේදයක් යටතේ අපි සැලසුම් සකක්කරලා. මේ සතිය පටන් ගද්දිම මේ සැලසුම් ක්‍රියාත්මක කරලා තියෙනවා. ඉදිරි දින දෙකෙත් මේ ආකාරයෙන්ම ක්‍රියා කරනවා. “ 

මේ අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසා සිටියේ, අදට යෙදෙන මහ සිකුරාදා සහ පාස්කු ඉරිදා දේව මෙහෙයන් වෙනුවෙන් කතෝලික දේවස්ථානවලට සුදුසු ආරක්ෂක වැඩපිළිවෙලක් යොදවා ඇති බවය.

ඊයේ (01) දින ප්‍රාදේශීය පොලිස් ප්‍රධානීන් වෙත පොලිස් මුලස්ථානය විශේෂ නියෝගයක් නිකුත් කරමින් තම බලප්‍රදේශයේ කතෝලික දේවස්ථානවලට අදාළව එම ආරක්ෂක වැඩපිළිවෙල යොදවන ලෙස උපදෙස් ලබාදුන් බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය. ඒ අනුව පොලිස් විශේෂ කාර්ය බලකාය හෝ යුද හමුදාවට අවශ්‍ය ස්ථාන වෙත එම ආරක්ෂාව ලබාදීමට නියමිතය.

More articles

Latest article