29 C
Colombo
සිකුරාදා, අප්‍රේල් 19, 2024

පාස්කු ප්‍රහාරය ගැන ජනාධිපති කොමිෂන් සභා වාර්තාව අධ්‍යයනය කිරීමට පත්කළ ඇමැති අනුකමිටුවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කරයි

Must read

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව අධ්‍යයනය කිරීම සඳහා පත්කරන ලද ඇමැති අනුකමිටුවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත .

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති කැබිනට් රැස්වීමේ දී රැස්වීමේදී මෙම තීරණය ගෙන තිබේ .

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවෙි නිර්දේශ අධ්‍යනය කිරිමට ජනාධිපතිවරයා විසින් චමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඇමැති අනුකමිටුවක් පත් කරනු ලැබූ අතර එම කමිටුව සිය වාර්තාව ජනාධිපතිවරයා වෙත මීට සති කිහිපයකට ඉහතදී බාර දුන්නේය .

ජොන්ස්ටන් ප්‍රනාන්දු ,උදය ගම්මන්පිල ,ප්‍රසන්න රණතුංග යන මහත්වරුන් ඇතුළු ඇමැතිවරු පිරිසක්ද එම අනුකමිටුවේ සාමාජිකයන් ලෙස කටයුතු කළහ 

More articles

Latest article