31 C
Colombo
අඟහරුවාදා, මාර්තු 26, 2024

‘දැයට එළිය’ වැඩසටහන යටතේ නිවාස 10,515ක් ආලෝකමත් වෙයි

Must read

”දැයට එළිය” ග්‍රාමීය ජනතාවට විදුලිය ලබා දීමේ වැඩ සටහන යටතේ මේ වන විට නිවාස 10,515 කට විදුලිබල පහසුකම් ලබා දී අවසන් බව විදුලිබල මණ්ඩලයේ සභාපති විජිත හේරත් පවසනවා.

අඩු ආදායම් ලාභී පවුල් සදහා විදුලිබල පහසුකම් ලබා දීමේ ජාතික වැඩ සටහන, විදුලිබල මණ්ඩලය විසින් පසුගියදා ආරම්භ කෙරුණා.

ඒ අනුව විදුලිය ලබා ගැනීම සදහා අයදුම් පත් 23,574 ක් විදුලිබල මණ්ඩලයට ලැබී තිබුණා. අයදුම් පත්‍ර  අතරින් සියයට 75 ක ප්‍රමාණයකට මාසයක් වැනි කෙටි කාලයක් තුළ විදුලිබලය ලබා දීමට හැකි වී තිබෙනවා.

සෙසු පිරිසටද කඩිනමින් විදුලිබලය ලබා දීමට කටයුතු කරන බවයි විදුලිබල මණ්ඩලයේ සභාපති විජිත හේරත්  වැඩිදුරටත් පැවුසවේ.

More articles

Latest article