31 C
Colombo
අඟහරුවාදා, අප්‍රේල් 23, 2024

සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ පැවැත්වෙන කාලසීමා සංශෝධනයට කැබිනට් අනුමැතිය

Must read

අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය අගෝස්තු මාසයේදී ද අ.පො.ස උසස් පෙළ විභාගය දෙසැම්බර් මාසයේදී ද පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යාංශය යෝජනා කර තිබේ.

එමෙන්ම 10 සහ 11 ශ්‍රේණිවල විෂය මාලාව වසර 01ක් සහ මාස 09ක කාල සීමාවක් වන සේ ප්‍රතිව්‍යුහගත කිරීමට ද අධ්‍යාපන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව රාජ්‍ය විශ්වවිද්‍යාල සඳහා සිසුන් තෝරා ගැනීමට ගතවන කාලය අවම කිරීම මගින් අවම කාලසීමාවක් තුළ ප්‍රථම උපාධි සුදුසුකම ලබා ගැනීමට සිසුන්ට අවස්ථාව සලසා දීමට නියමිතය.

More articles

Latest article