30 C
Colombo
බදාදා, අප්‍රේල් 17, 2024

වසරකට ඩොලර් බිලියන 6 බැගින් අවුරුදු පහකට ශ්‍රී ලංකාවට සෞදියෙන් දීර්ඝ කාලීන ණය පදනම යටතේ ඉන්ධන

Must read

ශ්‍රී ලංකාව සහ සවුදි අරාබි රජයන් අතර ඍජු ගනුදෙනුවක් වශයෙන් ශ්‍රී ලංකාවට ඉන්ධන මිල දී ගැනීම සඳහා වසරකට අමෙරිකානු ඩොලර් බිලියන 6ක් බැගින් වසර පහක් දක්වා ආධාර දෙන්නැයි ශ්‍රී ලංකාව, සවුදි අරාබියානු රජයෙන් ඉල්ලීමක් කර තිබේ. ඒ අනුව එම ණය මුදල වසර පහක පමණ කාලයක් දක්වා දීර්ඝ කාලීන ණය පදනම යටතේ ඉල්ලා තිබෙන අතර, මේ සම්බන්ධයෙන් සවුදි අරාබියානු රජයේ අවධානය යොමුව තිබෙන බවද රජය ප්‍රකාශ කරයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ විශේෂ නියෝජිතයකු ලෙස සවුදි අරාබියට ගොස් සිටින පරිසර ඇමැති නසීර් අහමඩ් මහතා, රජයකින් තවත් රජයකට ඉන්ධන සැපයීම මත පදනම් වූ වසරකට ඩොලර් බිලියන 6ක ඉන්ධන ලෙස වසර පහක කාලයක් දක්වා, පස් අවුරුදු ණය සැලැස්මක් යටතේ ශ්‍රී ලංකාවට ඉන්ධන ගැනීම වෙනුවෙන් ඔවුන් සමඟ සාකච්ඡා ආරම්භ කර ඇත. මෙය ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික අර්බුදයට දිගුකාලීන විසඳුමක් ලෙස සැලකේ. සවුදි මූලික කර්මාන්ත සංස්ථාව (SABIC) විසින් ශ්‍රී ලංකාවේ අවශ්‍යතා රජයට හෝ පෞද්ගලික අංශයට සැපයීමට සිය කැමැත්න ප්‍රකාශ කර තිබේ. ශ්‍රී ලංකා ඇමැතිවරයා සවුදි සංවර්ධන අරමුදලටද ගොස් තිබෙන අතර, එහි ප්‍රධාන විධායක නිලධාරි ආචාර්ය සුල්තාන් අල් මාෂාඩ් මහතා පැවසුවේ අරමුදල ප්‍රධාන වශයෙන් ව්‍යාපෘතිවල සංවර්ධන හවුල්කරුවකු බවයි. අනෙකුත් ණය දෙන රටවල් සහ ආයතන සමඟ ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධ රැස්වීම් සඳහා ආරාධනා කළහොත් ඔවුන් නම්‍යශීලි ප්‍රවේශයක් ගනු ඇති අතර, එහි සහභාගිත්වය ශ්‍රී ලංකාවට ප්‍රතිලාභ ලැබිය හැක.

More articles

Latest article