28 C
Colombo
සඳුදා, අප්‍රේල් 22, 2024

විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් මහජනතාවට දැනුම්දීමක්

Must read

කොන්සියුලර් කටයුතු අංශයේ සහතික කිරීමේ සහ සත්‍යාපනය කිරීමේ ක්‍රියාවලිය නැවත ආරම්භ කර ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශ දැනුම් දී ඇත.

ඒ අනුව, අද (20) සිට එම සේවාවන් නැවත ආරම්භ වන බව විදේශ කටයුතු අමාත්‍යාංශය මහජනතාවට දැනුම් දී තිබේ.

විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් කටයුතු අංශයේ සහ යාපනය, ත්‍රිකුණාමලය, මහනුවර, කුරුණෑගල සහ මාතර යන ප්‍රාදේශීය කාර්යාලවල සහතික කිරීමේ සහ සත්‍යාපන ඒකකයේ පරිගණක පද්ධති බිඳවැටීමක් සිදුව තිබූ බැවින් අදාළ සේවාවන් සැපයීම තාවකාලිකව නවතා දමා තිබුණි.

මේ අතර, කොන්සියුලර් අංශයේ අනෙකුත් සියලුම සේවාවන් ද අඛණ්ඩව සපයනු ලැබේ.

සේවා ලබා ගැනීමට පැමිණෙන අයට වැඩි විස්තර සඳහා පහත සඳහන් දුරකථන ඔස්සේ සම්බන්ධ විය හැකිය.

• කොන්සියුලර් කටයුතු අංශය, කොළඹ 01: 0112338812/0112338843

• ප්‍රාදේශීය කාර්යාලය, යාපනය: 0212215970

• ප්‍රාදේශීය කාර්යාලය, ත්‍රිකුණාමලය: 0262223182

• ප්‍රාදේශීය කාර්යාලය, මහනුවර: 0812384410

• ප්‍රාදේශීය කාර්යාලය, කුරුණෑගල: 0372225941

• ප්‍රාදේශීය කාර්යාලය, මාතර: 0412226697

More articles

Latest article