31 C
Colombo
සෙනසුරාදා, අප්‍රේල් 13, 2024

සින්ඩි මැකේන් ශ්‍රී ලංකා විදේශ ලේකම්වරිය හමුවෙයි

Must read

ජනතාවගේ ආහාර සහ පෝෂණ අවශ්‍යතා සහතික කිරීම සඳහා රජය දරන පරිශ්‍රමයට සහය වීම සඳහා ශ්‍රී ලංකාව වෙත සිය ස්ථිර සහ අඛණ්ඩ සහය ලබා දෙන බවට රෝමයේ එක්සත් ජාතීන්ගේ නියෝජිතායතන සඳහා වන එක්සත් ජනපදයේ නිත්‍ය නියෝජිත සින්ඩි මැකේන් සහතික වෙයි.

ඇය මේ බව කියා සිටියේ ශ්‍රී ලංකා විදේශ කටයුතු ලේකම් අරුණි විජේවර්ධන මහත්මියව ඊයේ(26) කොළඹ පිහිටි විදේශ කටයුතු අමාත්‍යංශයේ දී හමුවූ අවස්තාවේ දී ය.

රෝමයේ පිහිටි FAO, WFP සහ IFAD යන නියෝජිතායතන හරහා ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතාව සහ තිරසාර කෘෂිකර්මාන්තය තහවුරු කිරීම සඳහා තානාපති මැකේන් මහත්මිය සිය සංචාරය ඔස්සේ මෙරටට ලබා දුන් සහයෝගය විදේශ කටයුතු ලේකම්වරියගේ පැසසුමට ලක් විය.

විදේශ කටයුතු ලේකම් විජේවර්ධන මහත්මිය සහ තානාපති මැකේන් මැතිනිය මෙහිදී දේශගුණික විපර්යාසවල බලපෑම සහ විශේෂයෙන්ම දේශගුණික විපර්යාස හේතුවෙන් වඩාත්ම අවදානමට ලක්විය හැකි නිවර්තන කලාපයේ රටවල් පිළිබඳව සාකච්ඡා කළහ. වත්මන් ආර්ථීක තත්ත්වය ළමුන් මත එල්ල කොට ඇති අසමානුපාතික බලපෑම පිළිබඳව සඳහන් කළ ඔවුන් දෙපළ, ළමා මන්දපෝෂණය අවම කිරීම සඳහා විසඳුම් සෙවීමේ ක්‍රම මෙන්ම අභියෝග මධ්‍යයේ තිරසාර සංවර්ධන ඉලක්ක සපුරාගැනීම සඳහා වන ඒකාබද්ධ ක්‍රියාමාර්ග පිළිබඳව ද සාකච්ඡා කළහ.

More articles

Latest article