25 C
Colombo
සඳුදා, මැයි 20, 2024

ඉකුත් මාස 10ට මසුන් අපනයනයෙන් කෝටි 431කට වැඩි ආදායමක්

Must read

මත්ස්‍ය අපනයනයෙන් මේ වසරේ ජනවාරි මාසයේ සිට ඉකුත් සැප්තැම්බර් මාසය දක්වා කාලයේ රුපියල් කෝටි 431කට (මිලියන 43106ක්) වැඩි අදායමක් ලැබී තිබේ.

එය 2020 වසරට වඩා සියයට 38ක වැඩිවීමක් බව ධීවර අමාත්‍යාංශය නිකුත් කළ වාර්තාවක දැක්වේ. ටූනා, ඉස්සන්, පොකිරිස්සන්, හා කකුළුවන් වැනි මත්ස්‍ය වර්ග සහ මිරිදිය මසුන් වර්ග අපනයනයෙන් මෙම ආදායම් උපයා තිබේ. මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ධීවර ඇමැති ඩග්ලස් දේවානන්දා මහතා පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාවේ විසිතුරු මසුන්ට යුරෝපයේ හා අමෙරිකා එක්සත් ජනපදයේ විශාල ඉල්ලුමක් පවතින බවයි. පසුගිය කොවිඩ් වසංගත සමයේත් මත්ස්‍ය අපනයන කටයුතු කිරීම සඳහා අවශ්‍ය පහසුකම් සියල්ල ධීවර අමාත්‍යංශය ලබා දීම නිසා මෙම අපනයන ඉලක්ක සපුරා ගැනීමට හැකි වූ බව හෙතෙම කියයි.

More articles

Latest article