24 C
Colombo
අඟහරුවාදා, ඔක්තෝබර් 3, 2023

පෙබරවාරියේ නිවාඩුවක් ගතකිරීම සඳහා හොඳම රට ශ්‍රී ලංකාව – බ්‍රිතාන්‍ය වෙබ් අඩවියක් කියයි

Must read

එළඹෙන පෙබරවාරි මාසයේ දී නිවාඩුවක් ගතකිරීම සඳහා ලොව සංචාරය කිරීමට සුදුසුම රට ශ්‍රී ලංකාව බව එක්සත් රාජධානියේ අයි නිව්ස් වෙබ් අඩවිය පෙන්වා දෙයි.

වෙනත් රටකට ගොස් නිවාඩු ගත කිරීමට බලාපොරොත්තුවෙන් සිටින සංචාරකයන් වෙනුවෙන් මේ වසරේ මාස 12 සඳහා විශාල මුදලක් වැය නොකර හොඳ සේවාවක් ලබා ගත හැකි රටවල් 12ක් එම වෙබ් අඩවිය නම්කර තිබේ.

ශ්‍රී ලංකාවේ 75 වැනි නිදහස් සැමරුම පෙබරවාරි 4 වැනිදාට යෙදී තිබීම හේතුවෙන් රට පුරා සැමරුම් උත්සව පැවැත්වෙන අතර ගුවන් ගමන් ප්‍රවේශ පත්‍ර මිල පෙබරවාරි මාසයේ පහළ මට්ටමක පවතින බවද ඉකුත් වසරේ අප්‍රේල් මස රුපියල් 145ක් වූ ස්ටර්ලිං පවුමක් මේ වනවිට රුපියල් 441ක් වී ඇති බවද එම වෙබ් අඩවිය පෙන්වා දෙයි.

ඒ හේතුවෙන් දවස් 15ක කාලයක් ශ්‍රී ලංකාවේ කඳුකර ප්‍රදේශවල සංචාරය සඳහා පුද්ගලයකුට වැය වෙන්නේ ස්ටර්ලිං පවුම් 1,845ක් බවද අයි නිව්ස් වෙබ් අඩවිය වාර්තා කරයි.

ජනවාරි මස මොල්ටාව, පෙබරවාරියේ ශ්‍රී ලංකාව, මාර්තු මස බල්ගේරියාව, අප්‍රේල් මස ඇල්බේනියාව, මැයි මස මඩීරා දූපත්, ජූනි මස බාර්බේඩොස්, ජූලි මස තුර්කිය, අගෝස්තු මස බෙල්ජියම, සැප්තැම්බර් මස ජපානය, ඔක්තෝබර් මස ජෝර්දානය, නොවැම්බර් ඊජිප්තුව, දෙසැම්බර් ග්‍රීසිය මෙම අවුරුද්දේ විශාල මුදලක් වැය නොකර නිවාඩුවක් ගත කිරීම සඳහා සංචාරය කිරීමට සුදුසුම රටවල් ලෙස අයි නිව්ස් වෙබ් අඩවිය මගින් පෙන්වා දී තිබේ.

More articles

Latest article