28.8 C
Colombo
ඉරිදා, මැයි 26, 2024

FIFA සභාපති දිවයිනට පැමිණෙයි

Must read

ශ්‍රී ලංකාවේ දෙදින නිල සංචාරයක් සදහා ලෝක පාපන්දු සම්මේලනයේ සභාපති ජානි ඉන්ෆැන්ටිනෝ අද උදෑසන කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබේ.

ඔහු පිළිගැනීම සඳහා ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයේ, ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබිණි.

ඔහු සමඟ ලෝක පාපන්දු සම්මේලනයේ උසස් නිලධාරීන් පස් දෙනෙකු ද මෙම සංචාරය සඳහා එක්ව සිටියා.

ඔහු අද (19) දින පැවැත්වීමට නියමිත අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සිව් ජාතික පාපන්දු තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ෂීෂෙල්ස් අතර පැවැත්වීමට නියමිත අවසාන මහා තරගයේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වීමට නියමිතයි.

More articles

Latest article