27.3 C
Colombo
බදාදා, මැයි 22, 2024

මත්ස්‍ය අපනයනයෙන් මාස 10කදී කෝටි 4,873ක ආදායමක්

Must read

මේ වසරේ ඔක්තෝබර් 31 දා වන විට මෙරට මත්ස්‍ය අපනයන ක්ෂේත්‍රයෙන් රුපියල් කෝටි 4,873ක ආදායමක් (අමෙරිකානු ඩොලර් මිලියන 245) උපයාගෙන ඇත.

ඉස්සන් හා කකුළුවන් අපනයනයෙන් මෙවර වැඩිම ආදායමක් හිමිව ඇති බව ධීවර රාජ්‍ය ඇමැති කංචන විජේසේකර මහතා පවසයි. මෙය 2020 වසරේදී වාර්තා කළ සමස්ත අපනයන ආදායම ඉක්මවා යෑමක් වේ. ඒ අනුව ඉකුත් වසරේදී එම ආදායම රුපියල් කෝටි 4,300ක් (අමෙරිකානු ඩොලර් මිලියන 215) වේ. මින් පෙර මෙරට වැඩිම මත්ස්‍ය අපනයන අගය 2014 දී වාර්තා කළ රුපියල් කෝටි 2,780ක (අමෙරිකානු ඩොලර් මිලියන 139ක) ආදායමද ඉක්මවා යෑමක් වේ.

More articles

Latest article