29 C
Colombo
බ්‍රහස්පතින්දා, අප්‍රේල් 25, 2024

නිවසක ඇති වු ගින්නකින් සිව්දෙනෙකුට තුවාල

Must read

හෝමාගම මාගම්මන ප්‍රදේශයේ දෙමහල් නිවසක පහල මාලයේ කාමරයක් තුළ ඇති වූ ගින්නකින් පියා මියගොස් සය හැවිරිදි දියණියක ඇතුළු තිදෙනෙකු බරපතළ තුවාල ලබා රෝහල් ගතකර ඇතැයි කහතුඩුව පොලිසිය පවසයි.

මෙසේ මිය ගොස් ඇත්තේ හෝමාගම මාගම්මන පදිංචි එස්.ඒ.ලසන්ත බුද්ධික රණසිංහ නමැති (47) හැවිරිදි දෙදරු පියකු බව පොලිසිය කියයි.
මියගිය පුද්ගලයා තම බිරිඳ (38) වැඩිමහල් දියණිය (19) හා සය හැවිරිදි දියණිය සමග දෙමහල් නිවසේ පහළ මාලයේ කාමරයක් තුළ සිටියදී ඊයේ (26) රාත්‍රී 8 පමණ එක්වරම මෙසේ ගින්නක් හටගෙන තිබුණි .

ගින්නෙන් අඹුසැමි යුවළ හා වැඩිමහල් දියණිය බරපතළ පිළිස්සුම් තුවාල ලබා තිබූ අතර සය හැවිරිදි දියණිය සුළු තුවාල ලබා තිබුණි .

ගින්න ඇති වන අවස්ථාවේදී නිවසේ යාබද කොටසේ මියගිය පුද්ගලයාගේ මව සහ ඥාතීන් සිට ඇති අතර ඔවුන් සමග සිටි වැඩිමහල් දියණිය කොන්ඩය පීරා ගැනීම සඳහා කාමරයට පැමිණ තිබේ.

ගින්නට හේතුව නිසි අයුරින් අනාවරණය වී නැතියි පොලීසය කියයි.

පසුව ප්‍රදේශවාසීන් එක්ව ගින්න නිවා දමා තුවාලකරුවන් ප්‍රතිකාර සඳහා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන තිබූ බව පොලිසිය කියයි .
පසුව එහිදී තුවාලකරුවන් සිව්දෙනාට මුළික ප්‍රතිකාර ලබාදී වැඩිදුර ප්‍රතිකාර සඳහා සය හැවිරිදි දියණිය බොරැල්ල ළමා රෝහලටත් සෙසු තිදෙනා කොළඹ ජාතික රෝහලටත් ඇතුළත් කිරීමට පියවර ගෙන තිබූ අතර ඒ යන අතරතුරදී 47 හැවිරිදි පුද්ගලයා මෙසේ මියගොස් ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි පොලීසිය පවසයි .

More articles

Latest article