26 C
Colombo
සිකුරාදා, අප්‍රේල් 19, 2024

අද සිට රට පුරා තෙල් බෙදීම QR ක්‍රමයට

Must read

ජාතික ඉන්ධන අවසර පතට පමණක් ඉන්ධන සැපයීම අද (1) සිට රට පුරා ක්‍රියාත්මක කෙරේ. අදින් පසු දින අනුව හෝ ටෝකන් ක්‍රමය අනුව හෝ ඉන්ධන නිකුත් කිරීම සිදු නොවන බව විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පැවසීය.

ජාතික ඉන්ධන බලපත්‍රයේ කිව්.ආර්. කේතයට ඉන්ධන පිරවුම්හල් 1,060ක් පසුගිය 30 දා රාත්‍රී වන විට අනුගත වී සිටි බවත් ඉන්ධන පිරවුම්හල් 746ක් එදින කිව්.ආර්. පද්ධතිය මඟින් ඉන්ධන නිකුත් කළ බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පැවසීය. එම ඉන්ධන පිරවුම්හල් 746ට සිපෙට්කෝ පිරවුම්හල් 621ක් සහ අයිඕසී පිරවුම්හල් 125ක් ඇතුළත් බවත් එහිදී ඉන්ධන ලීටර ලක්‍ෂ 21කට වැඩි ප්‍රමාණයක් දුන් බවත් අමාත්‍යවරයා ට්විටර් පණිවිඩයක් තබමින් සඳහන් කළේය. කිව් ආර් ක්‍රමවේදයට අනුගත වූ ඉන්ධන පිරවුම්හල් සඳහා ඉන්ධන බෙදාහැරීමේ දී ප්‍රමුඛතා දෙන බව ද එසේ බෙදාහරින ඉන්ධන තොග නිකුත් කිරීම් ඛනිජ තෙල් සංස්ථාව නිරීක්ෂණය කිරීමට ලක් කරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

More articles

Latest article