28 C
Colombo
බදාදා, අප්‍රේල් 24, 2024

ඉන්ධන අවසරපත නිකුත් කිරීම පැය 48කට අත්හිටුවයි

Must read

ඉදිරි පැය 48 තුළ නව ජාතික ඉන්ධන අවසරපත නිකුත් නොකරන බව විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර මහතා ඊයේ (5) සවස පැවසීය.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් ඉදිරි පැය 48ක කාලයක් ජාතික ඉන්ධන අවසරපත නිකුත් කිරීම තාවකාලිකව නතර කිරීමට තීරණය කර තිබේ. මේ වන විට ඉන්ධන අවසර පත් ගෙන ඇති පාරිභෝගිකයන්ගේ ඉන්ධන ගැනීම් සඳහා මේ නඩත්තු කටයුත්ත නිසා කිසිදු බලපෑමක් නොවන බවද ඛනිජ තෙල් ඇමැති කංචන විජේසේකර මහතා ප්‍රකාශ කළේය.

More articles

Latest article