28.4 C
Colombo
බ්‍රහස්පතින්දා, මැයි 2, 2024

ලෝක ආහාර සහ කෘෂිකර්ම සංවිධානයෙන් යූරියා මෙට්ට්‍රික් ටොන් 1000ක්

Must read

ලෝක ආහාර සහ කෘෂිකර්ම සංවිධානය විසින් ශ‍්‍රී ලංකාවට ලබාදීමට නියමිත යූරියා පොහොර මෙට්ට්‍රික් ටොන් 1000ක් ඉදිරි සති දෙක තුළ මෙරටට ලැබීමට නියමිත බව කෘෂිකර්ම අමාත්‍යංශය සදහන් කරයි.

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කියා සිටියේ මෙරට අඩු ආදායම්ලාභී ගොවි පවුල්වලට වී වගාව සඳහා කිලෝග‍්‍රෑම් 50 ක බරින් යුත් යූරියා පොහොර මළු තුන් ලක්ෂ 75 දහසක් ලබාදීමට ඔවුන් එකඟතාවය පළ කළ බවයි.

ඒ අනුව මෙම පොහොර තොගය අක්කරයකට වඩා අඩු කුඹුරු ගොවිතැන් කරන ගොවීන් තුන් ලක්ෂ 75 දහසකට නොමිලේ බෙදාහැරීමට නියමිත බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

More articles

Latest article