27.5 C
Colombo
සිකුරාදා, අප්‍රේල් 19, 2024

Facebook සහ VTA එක්ව ශ්‍රී ලංකාවට ඩිජිටල් හැකියා පුහුණු වැඩසටහනක් හඳුන්වා දෙයි

Must read


Facebook සමාගම, ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය (VTA) සමග ඇතිකරගත් සහයෝගීතාව අනුව, ශ්‍රී ලාංකිකයන්ගේ ඩිජිටල් තාක්ෂණ හැකියාව සංවර්ධනය වෙනුවෙන් පුහුණු වැඩසටහන් මාලාවක් හඳුන්වාදී තිබේ. Facebook සමාගමේ We Think Digital වැඩසටහනෙහි වැදගත් කොටසක් වශයෙන් මෙම ඩිජිටල් හැකියා පුහුණු වැඩසටහන් මාලාව සංවිධානය කෙරේ.

එමෙන්ම රැකියා වෙළෙඳපොළේ ඩිජිටල් තාක්ෂණ හැකියාවෙන් යුක්ත වෘත්තීය පුහුණුවක් සහිත පිරිස් වෙත ඉහළ වටිනාකමක් හිමිවන අතර, ඩිජිටල් දැනුමින් පොහොසත් සිසුවෙකු හෝ සිසුවියක වීම අනාගතයේ වඩාත් සාර්ථක රැකියාවක හිමිකරුවකු වීම සඳහා අවශ්‍ය පදනම වනු ඇත.

‘‘Train the Trainer˜වැඩසටහන හරහා 1,300කට ආසන්න වෘත්තීය පුහුණු අධිකාරියේ පුහුණුකරුවන් පිරිසක් වෙත අවශ්‍ය පුහුණුව ලබාදීමට නියමිත අතර, ඩිජිටල් විෂය ක්ෂේත්‍රයෙහි වෙනස්කම්, ඊ-ඉගෙනුම් ක්‍රියාවලින්, අන්තර්ජාලයෙහි අන්තර්ගතයන් නිර්මාණය ^online content creation& ව්‍යාපාර සඳහා ඩිජිටල් මෙවලම් ‘digital tools for businesses‘ සහ වගකීම්සහගත ඩිජිටල් පුරවැසිභාවය ^responsible digital citizenship& යන විෂය මාතෘකා පිළිබඳව සිසුන්ට දැනුවත්භාවය දීමට නියමිතය.

More articles

Latest article