27.9 C
Colombo
සඳුදා, මැයි 27, 2024

මුදල් ඇමැතිගේ ඉන්දීය සංචාරයේදී ශ්‍රී ලංකාවට ඵලදායි ප්‍රතිලාභ රැසක්

Must read

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සිය දෙදින ඉන්දීය නිල සංචාරය ශ්‍රී ලංකාවට ඵලදායි ප්‍රතිලාභ රැසක් සමඟින් සාර්ථකව අවසන් කළ බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නිවේදනය කළේය.

ඉන්දීය මුදල් හා ආයතනික කටයුතු අමාත්‍ය නිර්මලා සීතාරාමන් මහත්මිය ගේ ආරාධනයෙන් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා දෙසැම්බර් පළමුවෙනිදා සහ දෙවැනි දා නවදිල්ලි නුවර දෙදින නිල සංචාරයක නිරත විය.

මෙම විදෙස් සංචාරය පසුගිය ජූලි මාසයේදී බැසිල් රාජපක්ෂ මහතා මුදල් අමාත්‍ය ධූරයට පත් වීමෙන් පසු ඔහුගේ පළමු විදෙස් සංචාරයයි. දෙදින නිල සංචාරයේදී, අමාත්‍යවරයා ඉන්දීය මුදල් හා ආයතනික කටයුතු අමාත්‍ය ශ්‍රී මිත් මහත්මිය සමඟ ඒකාබද්ධ සාකච්ඡා වට දෙකක් පැවැත්වීය. මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා නිර්මලා සීතාරාමන් මහත්මිය සහ විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජයශංකර් අමාත්‍යවරයා සමඟ ද සෘජු ද්වි පාර්ශ්වික සාකච්ඡා පැවැත්වීය. ඔහු ඛනිජ තෙල් සහ ස්වාභාවික වායු පිළිබඳ අමාත්‍ය ශ්‍රී හර්දීප් සිං පූරි සහ ඉන්දියාවේ ජාතික ආරක්ෂක උපදේශක ශ්‍රී අජිත් කුමාර් දොවාල් ද හමු විය. ඉන්දීය ප්‍රභූවරුන් සමඟ පැවති රැස්වීම්වලදී අමාත්‍යවරයා තමාට සහ දූත පිරිසට දක්වන ලද ආගන්තුක සත්කාරය සහ ඔහුගේ සංචාරය සඳහා සූදානම් කර ඇති විධි විධාන පිළිබඳව ඉන්දියාවට ස්තූති කළේය.

වසර ගණනාවක් පුරා ක්ෂේත්‍ර ගණනාවක් වෙනුවෙන් ඉන්දියාව ලබා දුන් සහයෝගය පිළිබඳව ද ඔහු ස්තුතිය පුද කළේය. මුදල් අමාත්‍යවරයා ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා සමඟ පැවැත්වූ සාකච්ඡාවේදී ආර්ථික සහයෝගීතා අංශය කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් ද්වි පාර්ශ්වික සබඳතාවයට අදාළ අන්‍යෝන්‍ය වැදගත් කමක් ඇති කරුණු රාශියක් පිළිබඳව අවධානය යොමු කරනු ලැබීය. ද්වි පාර්ශ්වික සබඳතාවයේ ඉදිරි ගමන් මඟ පිළිබඳව දෙපාර්ශවයම වැඩි අවධානයක් යොමු කළ අතර සාකච්ඡාවලදී දෙරට අතර පවතින ද්වි පාර්ශ්වික ආර්ථික සබඳතාව තවදුරටත් පුළුල් කර ගැඹුරු කර ගත හැකි ක්‍රම සහ විධි හඳුනා ගත්හ.

ශ්‍රී ලංකාවේ ආර්ථික තත්ත්වය සහ පශ්චාත් කොවිඩ් අභියෝගවලට මුහුණ දීම සඳහා තම රජයේ ප්‍රවේශය පිළිබඳව මුදල් අමාත්‍යවරයා ඉන්දීය පාර්ශවයට විස්තර කළේය. මෙම අවස්ථාවේදී ඉන්දීය අමාත්‍යවරු ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉන්දියාවේ සහයෝගීතාවය සෑම විටම ලබා දෙන බව ප්‍රකාශ කළහ. ඉන්දියාව සැමවිටම අසල්වැසි ශ්‍රී ලංකාව වෙනුවෙන් පෙනී සිටින බව ඔවුහු යළිත් අවධාරණය කළහ. මේ සම්බන්ධයෙන් කෙටි හා මධ්‍ය කාලීන සහයෝගීතාව සඳහා කරුණු හතරක් පිළිබඳව දෙපාර්ශවය සාකච්ඡා පැවැත්විය.

More articles

Latest article