30 C
Colombo
බදාදා, අප්‍රේල් 17, 2024

ඕනෑම යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කළ යුත්තේ රටේ ව්‍යවස්ථාවට අනුකූලව – අමාත්‍ය අලි සබ්රි

Must read

රටේ ව්‍යවස්ථාවට අනුකූලව සත්‍ය සොයායෑමේ යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගැනීමට රජය කටයුතු කරන බව විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා පවසයි.

කොළඹදී මාධ්‍ය අමතමින් ඔහු පැවසුවේ එම යාන්ත්‍රණය ඔස්සේ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් ගැන තියෙන චෝදනාවල අවසානයක් දැකීමට රජය උත්සාහ කරන බවය.

ලබන සතියේ ජිනීවා හි ඇරඹෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසිවාරය සඳහා ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් විදේශ සහ අධිකරණ අමාත්‍යවරුන් ප්‍රමුඛ නියෝජිතයින් පිරිසක් සහභාගීවීමට නියමිතය.

අලි සබ්රි මහතා තවදුරටත් පැවසුවේ….

“අපි එහිදී එක්සත් ජාතීන්ගේ ආයතන සමග ගැටුමකට යන්න බලාපොරොත්තු වන්නේ නෑ. ඔවුන් සමග සාකච්ඡා කරලා සම්මුතියකට යන්න බලාපොරොත්තු වෙනවා. කෙසේවෙතත් ඒ සියලු දේ සිදුවිය යුත්තේ ව්‍යවස්ථාවට අනුකූලව කියලා අපි දිගින් දිගටම විශ්වාස කරනවා. මේ රටේ ව්‍යවස්ථාවෙන් එළියට ගිහිල්ලා කිසිදු හැකියාවක් ඇත්තෙත් නෑ එහෙම කරන්න අපේ බලාපොරොත්තුවකුත් නෑ එහෙම කිරීමට ජනතාව අපට බලය ලබාදීලත් නෑ. ඒ හින්දා ඕනෑම යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කළ යුත්තේ මේ රටේ ව්‍යවස්ථාවට අනුකූලව. අපි උත්සාහ කරනවා සත්‍ය සොයායෑමේ යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කරන්න. ඒ යාන්ත්‍රණය අනුව මේ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් ගැන තියෙන මේ චෝදනාවල අවසානයක් දකින්න අපි උත්සාහ කරනවා.”

More articles

Latest article