30 C
Colombo
සඳුදා, අප්‍රේල් 22, 2024

හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ ගැන තායිලන්තයෙන් නිවේදනයක්

Must read

ශ්‍රී ලංකා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තායිලන්තය වෙත පැමිණීමට අවසර ඉල්ලා ඇති බව තායිලන්ත විදේශ අමාත්‍යංශය තහවුරු කර තිබේ.

එරට විදේශ අමාත්‍යංශය වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එමගින් දේශපාලන රැකවරණය ඉල්ලීමක් සිදුකර නොමැති බවය.

රාජ්‍ය තාන්ත්‍රික ගමන් බලපත්‍රයක් උපයෝගී කරගනිමින් ගෝඨාභය රාජපක්ෂ මහතා එරටට පැමිණීමේ කිසිදු ගැටලුවක් නොමැති බවද තායි විදෙස් අමාත්‍යංශය පවසා ඇත.

එලෙස පැමිණෙන හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට එරට තුළ දින 90ක කාලයක් රැඳී සිටීමේ අවසරය හිමිවන බවද තායි විදෙස් අමාත්‍යංශය උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

More articles

Latest article