30 C
Colombo
බදාදා, අප්‍රේල් 24, 2024

ජැක්සන්ගේ සුවදුක් බලන්න හිටපු ජනපති මහින්ද රාජපක්ෂ ජාතික රෝහලට

Must read

හදිසි අනතුරකට ලක්ව කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන ප්‍රවීණ කලාකරු ජැක්සන් ඇන්තනී මහතාගේ සුවදුක් බැලීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (11) ජාතික රෝහලට ගොස් ඉක්මන් සුවය ප්‍රාර්ථනා කර තිබේ.

ජූලි 02 දා රූගත කිරීමකට ගොස් එන අතරතුර, අනුරාධපුර, තලාව, මොරගොඩ ප්‍රදේශයේදී ඔහු ගමන් ගත් කැබ් රථය වන අලියකුගේ ගැටී අනතුරකට ලක් වූ අතර, ජැක්සන් ඇන්තනී මහතා සහ තුවාල ලැබූවන් පළමුව අනුරාධපුර රෝහලට ඇතුළත් කර තිබිණි.

පසුව ජැක්සන් ඇන්තනී මහතා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ශල්‍යකර්මයකට භාජනය කෙරිණි.

More articles

Latest article