30 C
Colombo
බදාදා, අප්‍රේල් 24, 2024

හිටපු ජනපති ගෝඨාභයට තායිලන්තයෙන් විශේෂ ආරක්ෂාවක්

Must read

සිංගප්පූරුවේ සිට තායිලන්තයට ගිය හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට විශේෂ ආරක්ෂාවක් දීමට තායිලන්ත ආරක්ෂක අංශ පියවර ගෙන තිබේ.

කෙසේ වුවද ඒ මහතා නවාතැන් ගෙන සිටින හෝටල් කාමරයෙන් පිටතට නොයන ලෙස ද තායිලන්ත ආරක්ෂක අංශ උපදෙස් දී තිබෙන අතර පවතින ආරක්ෂක තත්ත්වය සැලකිල්ලට ගෙන මේ පියවර ගෙන තිබෙන බව වාර්තා වෙයි.

මාසයකට ආසන්න කාලයක් සිංගප්පූරුවේ රැඳී සිටි හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තම බිරිය සහ තවත් පුද්ගලයන් තිදෙනකු සමඟ සිංගප්පූරු ගුවන් යානයකින් තායිලන්තයට ගොස් තිබෙන අතර අදාළ ගුවන් යානය තායිලන්තයේ ෆුකෙට් ගුවන් තොටුපළ වෙත ගොඩබෑමට සැලසුම්කර තිබුණ ද හිටපු ජනාධිපතිවරයා එරටට පැමිණීම සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වීම හේතුවෙන් එම ගුවන් යානය බැංකොක් හි පිහිටි හමුදා ගුවන්තොටුපොළක් වෙත හරවා යවා තිබෙන බවද එම වාර්තා සඳහන් කරයි.

ආරක්ෂක හේතූන් මත ගෝඨාභය රාජපක්ෂ මහතා රැඳී සිටින හෝටලයේ නම සඳහන් කර නොමැති අතර ඒ මහතාගේ ආරක්ෂාව වෙනුවෙන් සිවිල් ඇඳුමින් සැරසුණු ආරක්ෂක නිලධාරීන් යොදවා තිබේ.

දින 90ක පමණ කාලයක් ගෝඨාභය රාජපක්ෂ මහතාට තායිලන්තයේ රැඳී සිටීමට හැකි වෙයි.

More articles

Latest article