31 C
Colombo
බ්‍රහස්පතින්දා, අප්‍රේල් 25, 2024

හිටපු ජනාපති ගෝඨාභය රාජපක්ෂ අගමැති ධුරය භාර ගන්නේ නම් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඊට විරුද්ධ නැහැ

Must read

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දිවයිනට පැමිණීමෙන් පසු අගමැති ධුරය භාර ගන්නේ නම් ඊට තමන්ගේ අකමැත්තක් නොමැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාධ්‍ය සාකච්ඡාවකදී අනාවරණය කෙරුණි.

එහිදී මාධ්‍යවේදියෙක් ප්‍රශ්න කළේ ගෝඨාභය රාජපක්ෂ මහතාට අගමැති ධුරය ලබාදීමට කැමතිද යනුවෙනි.

ඊට පිළිතුරු දුන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ මහතා,

“අපේ අකමැත්තක් නැහැ. කැමතියි. අනිවාර්යයෙන් අපි ඡන්දයත් දෙනවා. ”

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මේජර් ප්‍රදීප් උඳුගොඩ මහතා,

“ගෝඨාභය රාජපක්ෂ මහතා කඩිනමින් මේ රටට පැමිණිය යුතුයි. එතුමාට ආරක්ෂාව ලබාදිය යුතුයි. අපේ කිසි අකමැත්තක් නැහැ. හැටනම ලක්ෂයක් ජනතාව ඡන්දය දීලා පත්කරගත් ජනාධිපතිවරයෙක් නේ. ඉතින් අගමැති ධුරයට පත්වුණාට කවුද අකමැති වෙන්නේ. මම නම් විරුද්ධ නැහැ. එතුමා ඉල්ලුවොත් අගමැති ධුරයට අපි ඡන්දයත් දෙනවා.”

More articles

Latest article