25 C
Colombo
බදාදා, ඔක්තෝබර් 4, 2023

හිටපු ජනපති මහින්දට සහ ගෝඨාට කැනඩාවෙන් සම්බාධක පනවයි

Must read

කැනඩාව විසින් හිටපු ජනාධිපතිවරුන් වන ගෝඨාභය රාජපක්ෂ සහ මහින්ද රාජපක්ෂ මහත්වරුන් ඇතුළු ශ්‍රී ලාංකිකයින් සිව්දෙනෙකුට එරටට ඇතුළුවීම තහනම් කරමින් සම්බාධක පනවා තිබේ.

අනෙක් ශ්‍රී ලාංකිකයින් දෙදෙනා වන්නේ මාණ්ඩලික සැරයන් සුනිල් රත්නායක සහ ලුතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි යන මහත්වරුන්ය.

ශ්‍රී ලංකාවේ සිවිල් ගැටුම්වලදී මානව හිමිකම් කඩකළ බවට චෝදනා කරමින් කැනඩාව විසින් මෙලෙස ඔවුන්ට සම්බාධක පනවා ඇත.

එසේම කැනඩාව සමග ව්‍යාපාරික සම්බන්ධතා පැවැත්වීම ඔවුන්ට තහනම් වෙයි.

යම් හෙයකින් ඔවුන්ට කැනඩාවේ යම් හෝ දේපළ ඇත්නම් ඒවා රාජසන්තක කෙරේ.

More articles

Latest article