28 C
Colombo
සෙනසුරාදා, අප්‍රේල් 27, 2024

රන් බිස්කට් තොගයක් හමුවෙයි

Must read

නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන්වන ලද රුපියල් කෝටි 16කට ආසන්න වටිනාකමින් යුතු රන් බිස්කට් තොගයක් සමග පුද්ගලයෙකු කටුනායක ගුවන්තොටුපොළ රේගු නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

කිලෝග්‍රෑම් 06යි ග්‍රෑම් 995ක් බැරැති රන් බිස්කට් 60ක් මෙලෙස සිය භාරයට ගෙන ඇති අතර එහි වටිනාකම රුපියල් මිලියන 157ක් වන බව ගුවන්තොටුපොළ රේගුව සඳහන් කළේය.

තීරුබදු රහිත සාප්පු සංකීරණයේ සේවකයෙකු මේ සමග අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

සැකකරු ජා ඇළ ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි පුද්ගලයෙකු බව සඳහන්ය.

එම රන් බිස්කට් තොගය කැරට් 24 රත්‍රන් බවට තහවුරු කරගෙන ඇති බව රේගුව සඳහන් කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රේගුව වැඩිදුර විමර්ශන සිදුකරයි.

මේ අතර නීති විරෝධි ලෙස අබලි ලෝහ තොගයක් මෙරටින් අපනයනය කිරීමට උත්සහ කළ පුද්ගලයින් තිදෙනෙකු ශ්‍රී ලංකා රේගුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මධ්‍යම බුද්ධි අංශ නිලධාරින් විසින් සිදුකළ වැටලීමකදී සැකකරුවන් අත්අඩංගුවට ගත් බව ශ්‍රී ලංකා රේගු අපනයන අංශයේ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ උදිත ජයසිංහ මහතා පැවසුවේය.

More articles

Latest article